පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

0
2

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 47වන වියේ පසු විය.

2000 වර්ෂ‍යේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ ඒ මහතා පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වලද සේවය කර ඇත.

ගාල්ලේ උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු ද වේ. 

ඔහුගේ දේහය හෙට (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත. 

එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here