වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික ජෙට් යානාවකින් නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.
කෙසේවෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ජනතාවගේ මුදල් වැය කරමින් පෞද්ගලික ගුවන් යානයකින් ජනාධිපතිවරයා මෙරටට නොපැමිණි බවයි. ඒ සඳහා වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණ වියදම දැරූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
Saru FM Media