පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි මහතා ලබන විසිහතර වැනිදා (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18දා) සවස නියෝග කළේය.
හිටපු නාවික හමුදාපති උළුගේතැන්න මහතා ද අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. එහිදී පැය පහකට ආසන්න කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු විශ්‍රාමික බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත. 1981 වර්ෂයේ ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක් වූ සරත් මොහොට්ටි මහතා 34 වසරක සේවා කාලයක් සම්පූර්ණ කර 2015 වසරේ විශ්‍රාම ගොස් තිබිණි.
හේමන්ත රන්දුණු
Saru FM Media