පුතෙකු විසින් පියා ඝාතනය කරයි

0
10


ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ ඊයේ (18) දින රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි සදහාන් වන්නේ. 

ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 54ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර එම පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා.

මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකළ වයස අවුරුදු 20ක් වන මරණකරුගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here