පුටින්ගෙන් මෝදිට ඇරයුමක්!

0
13


රෂිකා හෙන්නායක අප්‍රේල් 10 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය සඳහා, සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

එම සැමරුම් උත්සවය මැයි 09 වනදා පැවැත්වීමට නියමිත අතර, ඊට රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2024 වසරේදීද ඉන්දීය අගමැතිවරයා රුසියාවේ සංචාරයක නිරත වුණ අතර, එහිදී රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෝදි අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ, එම ආරාධනය රුසියානු ජනාධිපතිවරයා පිළිගෙන තිබුණද ඉන්දියාවේ සංචාරයේ නිරත දිනයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here