පුංචි ෆාතිමාව අවසන් ගමන් යැවූ මාරක අනතුර – CCTV

0
3

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ දෙසට ගමන් ගත් ත්‍රිරෝද රථය පෞද්ගලික බස් රථයේ ගැටී සිදුවු මෙම අනතුරින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හික්කඩුව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, වැව්රුකන්නල, සව්රිද් මාවතේ පදිංචි ෆාතිමා අලීදා නම් පුංචි දියණියකි.

ත්‍රිරෝද රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here