පුංචි බබාට කෑම හදන්න කියල දෙන හොඳ YouTube චැනල් 7ක්

0
11


පුංචි ළමයෙකුට කෑම කවාගන්න තියෙන කරදරේ ගැන අහන්න ඕන ඉතින් වයස අවුරුදු 1 – 3ත් අතරේ වගේ වයසේ බබාලා ඉන්න අම්ම කෙනෙකුගෙන්ම තමයි. කෑම වෙලාවට ගෙදර පුංචි යුද්ධ පිට්ටනියක් වෙන තරමටම මේ කෑම කවාගන්න එක හුඟක් ගෙවල් වල අමාරුම කාර්යයක්. ඉතින් ඔන්න මේ කියන්න යන කතාව වැදගත් වෙන්නෙ එහෙම කෑම නොකන බබාලා ඉන්න, යුද්ධ කරන ගෙවල් තියෙන අම්මලාට තමයි. බබාල කෑම ප්‍රතික්ෂේප කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහරවිට ඒවා සෞඛ්‍යමය හේතු වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවකනම් ඒ ගැන අනිවාර්යයෙන්ම බබාගේ වෛද්‍යවරයා එක්ක කතාකරන්නම ඕන. හැබැයි එහෙම නොවෙන, කන්න කම්මැලිකමට, එහෙමත් නැත්තම් කඩචෝරු කන්න ආසාවට කෑම එපා කියන බබාලාගේ අම්මලට පුළුවන් ඔන්න මේ ලිපිය කියවලා බබාලට කෑම කවන්න අලුත් අලුත් රෙසිපි හොයාගන්න. මේ කියන්න යන්නෙ පුංචි බබාලට කෑම හදල දෙන්න හොඳ රෙසිපි අරගෙන එන ඒ වෙනුවෙන්ම වෙන්වුණු YouTube Channels 7ක් ගැනයි. 

 

1. Babata Kema, බබාට කෑම

YouTube එකේ බබාලගේ කෑම රෙසිපි හොයනකොට ඉස්සෙල්ලම පෙන්නන වගේම වැඩිපුරම කෑම රෙසිපි දාල තියෙන Baby Food Recipe Channel එක මේක කිව්වට වැරැද්දක් නැහැ. මේ චැනල් එක කරන්නෙත් අම්ම කෙනෙක්මයි. ඒ නිසා අම්මලාට බය නැතුව බබාට හදල දෙන්න පුළුවන් රෙසිපි ඕන තරම් මේ චැනල් එකෙන් හොයාගන්න පුළුවන්. රෙසිපි විතරක්ම නෙමෙයි බබාගෙ කෑම සම්බන්ධ තව විවිධ කාරණා මේ චැනල් එක හරහා බලාගන්නත් පුළුවන්. චැනල් එක පටන් අරගෙන තියෙන්නෙ 2019 අගෝස්තු මාසෙ. ඒ කියන්නෙ මීට අවුරුදු දෙකකටත් අඩු කාලයකට කලින්. හැබැයි මේ වෙද්දී subscribers ලා 93,500ක් වගේ විශාල සංඛ්‍යාවක් එකතු කරගන්න මේ චැනල් එක සමත්වෙලා තියෙනවා. 

 

 

2. UmiBabyFood Blog – බබාට කෑම හදමු

මේ චැනල් එක කරගෙන යන්නෙ දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. බබාට ඝන ආහාර පටන් ගත්ත මුල් කාලේ ඉඳලම හදල දෙන්න පුළුවන් කෑම වගේම තනියම කෑම කන්න හුරු කරන්න පුළුවන් විවිධ කෑම රෙසිපිත් මේ චැනල් එකෙන් පහසුවෙන් බලාගන්න පුළුවන්.  ඒ වගේම කාර්යබහුල අම්මලාට අදහසක් ගන්න බබාගේ දවසේ කෑම පෙළගැස්ම කියලා වීඩියෝ පෙළකුත් මේ චැනල් එකෙන් බලාගන්න පුළුවන්. 2018 අගෝස්තු මාසයේ ආරම්භ කරලා තියෙන මේ චැනල් එක අද වෙද්දී subscribers ලා 14,500කට අධික පිරිසක් එකතු කරගන්න සමත්වෙලා තියෙනවා.

 

 

3. Baby Foods With Yashi

පුංචි බබාලට හදල දෙන්න පුළුවන් රස රස කෑම කියල දෙන YouTube Channel එකක් තමයි මේකත්. 2020 ජනවාරි මාසයේ පටන් අරන් තියෙන මේ චැනල් එක අවුරුද්දයි මාස 4ක් වගේ කාලෙකදි 9700කට ආසන්න subscribers ල පිරිසක් එකතු කරගන්න සමත්වෙලා තියෙනවා. මේ චැනල් එක කරගෙන යන්නෙත් පුංචි බබෙක් ඉන්න අම්ම කෙනෙක්. ඇය පිටරටක ජීවත්වෙන අතරේ තමයි මේ කෑම රෙසිපි  අන්තර්ජාලය හරහා අපිට අරගෙන එන්නෙ. කෑම රෙසිපි වගේම බබාට දවසේ දීපු meal plan එක සම්බන්ධ වීඩියෝ කිහිපයකුත් මේ චැනල් එකෙන් නරඹන්න පුළුවන්. 

 

 

4. The Lemon Water

මේ චැනල් එකත් පිටරටක ඉන්න අම්ම කෙනෙක් කරන චැනල් එකක්. ඇයත් බබාලා තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. හැබැයි මේ චැනල් එකේ තියෙන රෙසිපි හුඟක්ම ලංකාවේ විදිහට හදන කෑමම නෙමෙයි. හැබැයි කෑම පටන් ගන්න අලුත බබාලට දෙන්න පුළුවන් පියුරි වර්ග වගේම අතින් අල්ලන් කන්න දෙන්න පුළුවන් කෑම රෙසිපි කිහිපයක්ම මේ චැනල් එකෙන් බලාගන්න පුළුවන්. මේ චැනල් එක පටන් අරගෙන තියෙන්නෙ 2019 සැප්තැම්බර් මාසේ. දැනට subscribers ලා 8700ක් වගේ සංඛ්‍යාවක් චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්නවා. 

 

 

5. AMMA PLUS

Amma Plus කියල කියන්නෙත් බබාලට දෙන්න පුළුවන් කෑම වර්ග හදන්න කියල දෙන YouTube Channel එකක්. හැබැයි ඒ විතරක්ම නෙමෙයි. මේ චැනල් එකෙන් දරුවා සම්බන්ධ තව වීඩියෝත් බලාගන්න පුළුවන්. චැනල් එක කරන්නේ පුංචි දුවෙක් ඉන්න අම්ම කෙනෙක්. 2019 සැප්තැම්බර් මාසේ පටන් ගත්තත් සාපේක්ෂව අප්ලෝඩ් කරල තියෙන වීඩියෝ සංඛ්‍යාවනම් අඩුයි කියලත් හිතෙනවා. ඒ හින්දමද මන්දා subscribers ල ඉන්නෙත් 4250ක් වගේ සංඛාවක් තමයි. හැබැයි දැනට එකතු කරලා තියෙන රෙසිපි හොඳ නිසාම ඉදිරියෙදි තවත් හොඳ වීඩියෝ අරගෙන එයි කියල විශ්වාස කරන්න පුළුවන්. 

 

 

6. Happy Nest

 මේ YouTube Channel එක කරන්නෙත් පිටරටක ජීවත්වෙන පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. හැබැයි මේක බබාලගේ කෑම රෙසිපි විතරක්ම තියෙන චැනල් එකක්නම් නෙමෙයි. ඒත් බබාලට හදල දෙන්න පුළුවන් හොඳ කෑම රෙසිපි හුඟක් තියෙන නිසා අපි මේ චැනල් එක ගැනත් කියන්න හිතුවා. බබාලාගේ කෑමට අමතරව බබාලට අදාළ ක්‍රියාකාරකම්, DIY ක්‍රියාකාරකම්, නිවෙස් අලංකරණය, බබාලගේ උපන්දින සැරසිලි, ලස්සනට ඉන්න අවශ්‍ය පොඩි පොඩි beauty tips වගේ වීඩියෝත් මේ චැනල් එකෙන් බලාගන්න පුළුවන්. චැනල් එක පටන් අරන් තියෙන්නෙ මීට අවුරුද්දකට කලින් 2020 මැයි මාසේ. දැනට subscribers ලා 3450ක් විතර මේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්නවා. 

 

 

7. dianne s diary 

dianne’s diary කියන්නෙත් ප්‍රධානවම බබාලාගේ කෑම ගැන කතා කරන චැනල් එකක්. හැබැයි ඊට අමතරව චැනල් එක කරන අම්මගේ බබා ඒ කිව්වෙ ඩිඈන් බබා එක්ක ගිය ගමන් වල විස්තරත් මේ චැනල් එකේ දකින්න පුළුවන්. කොහොම උනත් මේ චැනල් එකෙත් හොඳ කෑම රෙසිපිනම් ගොඩක් තියෙනවා. චැනල් එක පටන් අරන් තියෙන්නෙ 2021 මාර්තු මාසේ. මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළේ සැළකිය යුතු ප්‍රමාණයක වීඩියෝ සංඛ්‍යාවක් අප්ලෝඩ් කරලත් තියෙනවා. දැනට  subscribers ලනම් ඉන්නෙ 453යි. 

 

 

 

The post පුංචි බබාට කෑම හදන්න කියල දෙන හොඳ YouTube චැනල් 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here