පුංචි පුතෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

0
2

වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටරයක ගැටී සිදු වූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ දහවල් කාලයේදි අතුරු මාර්ගයක ධාවනය වූ අදාල ත්‍රීරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවෙකු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, මිහින්තලය සීප්පුකුලම ගලෙන්බිඳුනුවැව පාළුවැව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගලෙන්බිඳුනුවැව පාළුවැව ප්‍රදේශයේදී ගලෙන්බිඳුනුවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක ගැටී අදාළ අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි සීප්පුකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here