දරුවෙක් කුස පිළිසි ගත් දිනයේ පටන් දෙම්විපියන්ගේ ඉදිරි ඉලක්කය වන්නේ තමාගේ දරුවා ජනප්රිය පාසලකට යොමු කිරීමයි. ඒ වෙනුවෙන් පිඹුරුපත් හදන දෙමව්පියන්ට ඒ හා සමානවම බලපාන තවත් සිද්ධියක් තිබෙනවා. අම්මාගේ තුරුලෙන් මිදී ළදරු පාසලට හෝ් දිනපතා පාසලට යන දරුවා මුහුණ දෙන ආගන්තුක පරිසරයේදී ඔවුන්ගේ හැසිරීම කෙසේ විය යුතුය යන බැරූරුම් ප්රශ්නය දෙමව්පියන්ට ඉතිරි වෙනවා. එසේ නම් ළදරු පාසලට එහෙම නැත්නම් දිනපතා පාසලට යන දරුවා වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද…?
ඔබ බොහෝ විට දරුවන්ට කියන්නේ ඉස්කෝලේ ගියාම තේරෙයි…ගෙදර වගේ නෙවෛයි කෝටු පාර වදියි..මේ විදිහට පාසල මුල් කර ගෙන දරුවාගේ හිතේ තිබෙන අසුබවාදී සංකල්ප නිසා ඔවුන් පාසල යනු රන්දේවාලයක් නොව වධකාගාරයක්ය යන සිතුවිල්ලේ පසු වෙනු ඇත. ඒ නිසා පාසල ගැන විවිධ නරක සිතුවම් මැවීම එතරම් සතුටුදායක කටයුත්තක් නොවේ. අලුත් පරිසරය දරුවාට තේරුම් ගැනීහට ඉඩ දෙන්න.
පාසලට යෑමට නොහැකි යැයි දරුවා අඩන විට තරවටු නොකොට ඉතාම සුහදව කටයුතු කරන්න. මුල් කාලයේදී මේ අන්දමින් දරුවා බියක් හෝ තැතිගැන්මක් දක්වනවා නම් ඒ වෙනුවෙන් වූ හේතුවක් තිබිය හැකියි. අපිට නොපෙනෙන නොදකින මෙම මානසිකත්වය දරුවාට ඉතාම දරුණු ලෙසින් බලපෑමට ඉඩ ඇති නිසා දරුවාගෙන් ඒ ගැන විමසා සිටින්න.සමහර විට පංතියේ දරුවන්ගෙන් ඔහුට හිරිහැර විය හැකියි. එසේත් නැත්නම් පංතියේ අකුරු ලියන මැගී බෝඩ් එක හෝ කළු ලෑල්ල නොපෙනෙන අවස්ථාවන් විය හැකියි. ඇස් පෙනුම පිලිබඳ ගැටළු නිසා ඇති වෙන මෙම දුෂ්කරතාවයන් ඔහු පිට කරන්නේ කඳුළුවලින් විය හැකියි. ඒ නිසා කදුළු පෙරනවා යැයි බැනවදින්නේ නැතුව දරුවා කඳුලු පෙරන්නේ ඇයි යන්නට අවධානය ලබා දෙන්න.
දෙමව්පිය තුරුලේ සිටි දරුවා ආගන්තුක පරිසරයේදී ඉතාම ආවේගශීලි ලෙසින් හැසිරීමට ඉඩ තිබේ.සමහර දරුවන් මව්පියන්ට පවා පහර දෙනු ඇත. ගුරුතුමියගේ අත හපාකන තරමටම දරුණු දරුවන් සිටිති. මේ සියල්ලටම පසුබිම් හේතුවක් ඇත. ඔබ මුලින්ම ඒ ගැන විමසා සිටින්න. තරහ ගත් විට දරුවන් අවලස්සන විය හැකි බව ඔහු සන්සුන්ව සිටින විට කියා දෙන්න.ආවේගශීලිව හැසිරෙන විට ඔබත් දරුවාට සාමනව ආවේගශීලි වීම එතරම් නුණට හුරු දෙයක් නොවේ.
ඇතැම් දරුවන් නිවසේ භාවිතයක් නොමැති වුනත් පාසලේදී පරුෂ වචන භාවිතයට පුරුදුව සිටිති. සමහර විට සමවයස් කණ්ඩායම් වෙතින් මෙම ආභාෂය ලබා ඇත. එසේත් නැත්නම් මීට පෙරාතුව ළදරු පාසලේද ලබා ගත් හුරුවක් විය හැකියි. ඒ අන්දමින් නොගැලපෙන වචන භාවිතය නුසුදුසු බව කියා දෙන්න.
පාසල යනු දරුවාට ඉතාම ප්රියමනාප තැනක් බවට සිතුවිලි ඇති කරන්න. උගත මනා ශිල්පය මතු රැකෙන බව කියා දීමට තරම් ඔවුන්ගේ මුහුකුරා නොගියත් අද දරුවා පවා දුකක් නොමැතිව සිටින්නේ මව්පියන් ඉගෙණුම නිසා ලත් ප්රතිඵල මත බව කියා දෙන්න. හැමදාම පාසල් යන විට දරුවාට ඉදිරියේ ලැබෙන දේ ගැන සුබවාදිව කියා දෙන්න.
Saru FM Media