මව් කුස තුළ ස්වභාවික පරිසරයක පුංචි තිතක් ලෙස අරඹන දිවිය දස මසක් පුරා දිනෙන් දින වර්ධනය වන්නේ 100%ක්ම ස්වභාවික වටපිටාවකයි. මෙලොවට බිහිවීමත් සමගම බාහිර පරිසරයට හුරු වීමට මේ සෑම දරු පැටියෙකුටම සිදුවේ. දරුවා කෙරෙහි වූ ආදරය නිසාම හැම අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරු පැටියාට ලබාදෙන්නට උත්සාහ කරන්නේ වඩාත් හොඳම දෙයයි. ඒ පුංචි දෙයකින් හෝ දරු පැටියාට සිදු විය හැකි දුකක් වේදනාවක් පීඩාවක් වැලැක්වීමේ අරමුණෙන් සහ දරුවාගේ වර්ධනයට මෙන්ම සුව නින්දට බාධාවක් නොවෙමින් උපරිම සුව පහසුව සැලසීමේ අරමුණෙනි.
පුංචි දරුවෙකුගේ නිසි වර්ධනය කෙරේ මූලිකවම බලපාන සාධකය ලෙස ඇතැම්විට ඔබ සිතා සිටින්නේ පෝෂණය ගැන පමණක් විය හැකිය. නමුත් දරුවෙකුගේ නිසි වර්ධනය උදෙසා දරුවා ශාරීරිකව ලබන පෝෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. ක්‍රියාකාරකම්, සුව නින්ද මෙන්ම මානසික නිරවුල් බව යන සාධක ද දරුවෙකුගේ නිසි වර්ධනය වෙනුවෙන් සම්පූර්ණ විය යුතු අනිවාර්ය සාධක වේ. අන්න ඒ නිසාම දරුවාට සුව පහසුවෙන් ක්‍රියාශීලිව සතුටෙන් දවස ගත කිරීමට අවශ්‍ය වටපිටාව ගොඩනඟා දීම සඳහා උපරිම සුව පහසුව සලසන ඩයපරයක් තෝරාගැනීමට මෙහිදී වඩාත් වැදගත් වේ.
තෙමා ගැනීම නිසා ඔබේ දරුවා නිසි නින්දක් ලබා නොගන්නේ නම් දරුවා කොයිතරම් අසතුටෙන්ද යන්න පිළිබඳව ඔබට අත්දැකීම් ඇති. මේ තත්ත්වය දරුවාගේ ක්‍රියාකාරකම් අඬාල වීමට ද හේතුවෙයි. අසතුටෙන් කල් ගෙවන දරුවෙකුගේ මානසික සුවතාවය අවමය. නිතර නිතර තෙත් වීම දරුවෙකුගේ සාමාන්‍ය දින චර්යාවට මෙන්ම සුව නින්දටත් බලපෑම් ඇති කරන නිසා දරු පැටියාට ඩයපර තෝරාගැනීමේදී උපරිම සුවපහසුව සලසන ගැලපෙනම ඩයපරයක් තෝරාගැනීමට මව්පියන් ලෙස ඔබ බොහෝ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපරය නිසා සමේ ආසාත්මිකතා, නැපි දද, දෙපා අතර ඝන වීම්/තුවාල ඇති වීම් වැනි තත්ත්වයන් මත මවක් තම දරුවා වෙනුවෙන් ඩයපර භාවිතයට බිය විය හැකිය. නමුත් නියම තත්ත්වයේ ඩයපර භාවිතයෙන් ඔබේ ළදරුවාට මෙවැනි අපහසුතාවලට මුහුණ දීමට සිදු නොවෙන බව විශ්වාසය.
ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපරය,
දරුවෙකුගේ සම මල්පෙත්තක් මෙන් සුසිනිඳුය. රළු මතුපිටක් සහිත ඩයපර කිසිදු විටෙක දරුවෙකුගේ සමට සුදුසු නොවන බව මව්පියන් ලෙස ඔබ වටහා ගත යුතුමය. එසේ නොවන්නට සම මත කැපීම්, ඝන වීම් ඇති වී ඔබේ දරුවා අපහසුතාවයට පත් වනු ඇත. අන්න ඒ නිසාම දරුවා වෙනුවෙන් ඔබ තෝරාගන්නා ඩයපරයේ මතුපිට මෘදු බව පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. එවිට ඔබේ දරු පැටියාගේ සමට කිසිදු හානිදායක තත්ත්වයක් ඇති වන්නේ නැත.
අද වන විට වෙළඳපොලේ ඇති බොහොමයක් ඩයපර මහතින් වැඩිය. මහතින් වැඩි ඩයපර දරුවාගේ දෙපා අතරින් එල්ලා වැටීමට ලක්වේ. එවිට දරුවාගේ ක්‍රියාකාරකම් සඳහා එය විශාල බාධාවක් වනු ඇත. තුනී ඩයපර හඳුනාගෙන ඔබේ දරුවා වෙනුවෙන් ඒවා තෝරාගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුත්තේ එය දරුවාගේ ක්‍රියාකාරකම්වලට, චලනවලට මෙන්ම නම්‍යශීලි බවට අපහසුවක් නොවිය යුතු නිසාමය.
ඩයපරයකින් සිදු වන මූලිකම මෙහෙය වන්නේ මුත්‍රා උරා ගැනීමයි. අන්න ඒ නිසාම ඔබ තෝරාගන්නා ඩයපරයට සුවිශේෂී උරාගැනීමේ හැකියාවක් තිබිය යුතුමය. එසේ නොවන්නට දරුවාට එයින් කිසිදු පහසුවක් ඇති නොවේ. තෙත් බව නිසා ඔබේ දරු පැටියා නොසන්සුන්ව අසතුටට පත්වේ. දරුවා සතුටින් දවස ගත කරන්නේ මතු පිට වියළි බව සමග දැනෙන සුව පහසුව සමගින්මය. එසේම උරා ගැනීම අවම වූ පසු ඇති වන කාන්දු වීම් නිසා පැටියාත් ඔබත් අපහසුතාවයට පත්වනු ඇත. මේ කරුණු නිසාම මනා උරා ගැනීමේ හැකියාවෙන් යුතු ඩයපර වර්ගයක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුමය.
දරු පැටියාගේ සුව පහසුව වෙනුවෙන් ඔබ තෝරාගන්නා ඩයපරය ඇතැම් විට ළදරු සම මත ආසාත්මිකතා ඇති කළ හැකියි. උෂ්ණාධික රටක් වන අපේ රටේ ස්වභාවයට සරිලන ආකාරයෙන් නිපද වුණු ඩයපරයක් තෝරාගැනීම ඔබට පැවරෙන වගකීමක් වන්නේ එබැවිනි. බිලිඳු සම මත ගැටෙන ඩයපරයේ මතුපිට වඩාත් සුමුදු විය යුතු අතරම වාතය එහා මෙහා ගෙන යා හැකි පිටත ආවරණයක් සහිත ඩයපරයක් තෝරාගැනීම මෙහිදී වඩාත් වැදගත් වේ. එසේ නැති වුවහොත් දරුවන්ට ඩයපර රෑෂස් (Nappy Rash) ඇති විය හැක. දරුවා වෙනුවෙන් උපරිම කැප වන ඔබ මෙවැනි දෙයක් නිසා තම දරු පැටියා පීඩාවට වේදනාවට පත්වනවා දකින්නට කිසිසේත්ම ප්‍රිය නොකරයි. අන්න ඒ නිසාම ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදිම තේරීම ඔබ කළ යුතුය.
දරුවාගේ බරට නියමිත ප්‍රමාණයෙන් ඩයපර තෝරාගැනීමට ඔබ සැළකිලිමත් විය යුත්තේ එසේ නොවුණු විට දරුවාගේ දෙපා අතර තද වීමෙන් කැපීම් තුවාල ඇති විය හැකි නිසාය. එසේම එය දරුවාගේ ක්‍රියාකාරකම්වලට මෙන්ම චලනයන්ට ද බාධාවකි. එසේම ඩයපරය නිවැරදිම ආකාරයෙන් දරුවාට ඇන්ද වීමට ද ඔබ සැළකිලිමත් විය යුතුය.
Saru FM Media