පුංචි දියණියගේ හදවත් රෝගය නිසා වේදනාවට පත් වූ බිපාෂා බාසු

0
12


දැන් මෙහෙම හිනාවෙලා හිටියට ඒ දවස් ටික මම ගෙව්වෙ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ”

නේහා දූපියා එක්ක තිබුණ සජීවී සංවාදයකදි තමයි බිපාෂා මෙහෙම කිව්වෙ.

බිපාෂා පහුගිය දවස් ටික ගත කළේ ඇඬූ කඳුලෙන්ලු.

ඔයාලා අපි හැමෝම දන්න විදියට බිපාෂා බාසු කසාද බැන්දේ තවත් ජනප්‍රිය නළුවෙක් වන කරන් සිං ග්‍රෝවර්ව.

බිපාෂාගෙයි කරන්ගෙයි පුංචි දූ තමයි දේවි.

ඉතින් බිපාෂා දුකෙන් ඉන්න හේතුව තමයි මේ දූ.

මේ දවස්වල වැඩිය සිනමා තිරයේ පේන්න නොහිටියට බිපාෂා බාසු කියන්නේ හින්දි චිත්‍රපටවලට ආදරේ කරන මිනිස්සුන්ට නම් හිතෙන් අයින් කරල දාන්න බැරි කෙනෙක්නෙ.

චොකලට් පාට හමයි, සරාගී පෙනුමයි එක්ක බිපාෂා ශ්‍රී ලාංකීය රසික හදවත් කීයක් ඇතුලෙ කොයිතරම් කාලයක් රජ කරාද?

හැබැයි අද අපි මේ කතාකරන්න යන්නේ බිපාෂා බාසු කියන නිළිය ගැන නෙවෙයි අම්මා ගැන.

පුංචි දේවිට Ventricular Septal Defect (VSD) කියන උපතේ ඉඳල වැඩිහිටියෙක් වෙනකම්ම බලපාන බහුල හදවත් රෝගයක් තියෙන බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙලිවෙලා තියෙනවා.

ඉතින් තමන්ගේ සහ කරන්ගේ දෙමව්පිය සටන තවත් අභියෝගාත්මක කරපු පුංචි දේවිගේ හදවත් රෝගය ගැන බිපාෂා සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්කත් බෙදාගත්තා.

දරුවා ලැබිල දවස් තුනකින් මේ වගේ දෙයක් දැනගන්න ලැබුණම මොන අම්මටද එහෙම දෙයක් දරාගන්න පුළුවන්. පළවෙනි මාස පහ මමයි කරනුයි ගෙවාගත්තෙ කොහොමද කියල මට අදටත් හිතාගන්න බෑ”

දරුවෙක් බිහිවෙන්න ඉද්දි ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඒ දරුවා නිරෝගී දරුවෙක් විදියට ඉපදෙන්න කියලා.

සාමාන්‍ය කෙනෙක්ට වුනත් බිපාෂා සහ කරන් වගේ ජනප්‍රිය තරු යුවලකට වුනත් ඒ කතාව පොදුයි.

ඒත් ප්‍රශ්න එන්නෙ කළින් කියල නෙවෙයිනේ.

 “අපිට ඒ දේ දැනගත්තම දරාගන්න ගොඩක් අමාරු වුනා. විශේෂයෙන්ම පළවෙනි මාස පහ. ඒත් දේවි කියන්නෙ හරිම අපූරු දරුවෙක්.අපි හැම මාසෙම දේවිව ස්කෑන් කරලා බැලුව කාලයත් එක්ක ඒ ප්‍රශ්නෙ විසඳේවිද කියලා. ඒත් පසුව අපිට තේරුණා මේකට අපිට ශල්‍යකර්මයක් කරන්න වෙන බව”

ශල්‍යකර්මයකින් මේ හදවත් රෝගයට විසඳුමක් දෙන්න බිපාෂා බාසුට සහ කරන්ට සිදුවෙලා තියෙන්නෙ පුංචි දේවිගේ හදවතේ තියෙන මේ සිදුර විශාල එකක් වීම.

ඉතින් වෛද්‍යවරුන් එක්ක කතා කරලා දේවිට මාස තුනක් වුණාම තමයි මේ සැත්කම කරලා තියෙන්නෙ.

ශල්‍යකර්මය පැය 6ක් පුරාවට කරන්න වුණාලු. 

ඒ දවස්වල තිබුණ බය, මානසික පීඩනය, දුක කියන හැමදේම එක්ක තමන් රැයවල් 40ක් පමණ නොනිදා පහන් කරා කියල බිපාෂා ඉන්ස්ටග්‍රෑම් ලයිව් එකකින් බෙදා ගෙන තිබුනෙ තවත් ජනප්‍රිය නිළියක් වන නේහා දූපියා එක්ක.

කරන් නම් ඇත්තටම හරිම බයෙන් හිටියෙ. මට හිතාගන්න බෑ අපි කොහොමද ඒ දවස් ටික ගෙවාගත්තෙ කියල. හිතන්න දරුවව අතේ තියාගෙන, වෛද්‍යවරු 10ක් විතර මෙහෙම දරුවෙක්ගෙ අසනීපයක් ගැන කියද්දි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දැනෙන හැඟීම ගැන”

ලෝකේ කොහේ ගියත් මාතෘත්වය වෙනස් වෙන්නෙ නෑ නෙ.

දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන ආදරය ලෝකෙ කොහේදි වුණත් අගය කෙරෙන්නෙ ඒ නිසා.

“මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක්ට මම විඳපු වේදනාව ලැබෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනවා” කියල බිපාෂා මේ කතාබහ අතරවාරෙදිත් කිව්වෙ ඇඬුම්බරව.

නේහා දූපියා එක්ක තිබුණ සජීවී කතාබහේදි මේ විස්තර බෙදාගන්න බිපාෂා තීරණය කරලා තිබුනේ එයාට මුහුණ දෙන්න වුණ මේ ගැටළුව ගැන තවත් අම්මලව දැනුවත් කරන්න ඕන නිසා කියල බිපාෂා කියනවා.

“මොන තරම් ශක්තිමත් අම්මා කෙනෙක් වුණත් මේ වගේ වෙලාවකදි මානසිකව ඇද වැටෙනවා. හිතන්න මාස තුනක පොඩි දරුවෙක්ව කොහොමද හදවත් සැත්කමකට යොමු කරන්නෙ? හිතන්නවත් පුළුවන්ද?

පළවෙනි මාසෙ බැලුවා මේක හරියාවි කියල. නෑ. දෙවනි මාසෙ බැලුව. ඉස්පිරිතාල කීයකට නම් ගියාද? කී දෙනෙක් වෛද්‍යවරු හම්බුණාද?

කරන් හරිම බයෙන් වේදනාවෙන් හිටියෙ. මමත් එහෙමයි. ඒත් මම හිතුවා “ නෑ මම අම්මා කෙනෙක්, මගේ දරුව වෙනුවෙන් මට මේක හොඳ කරගන්න අමාරු නෑ” කියලා.

කරන් සහ මම, අපි දෙන්නම දේවිගෙ අම්මයි තාත්තයි විදියට මේ සටන එකට කරේ.

අපි දැනගෙන හිටියා අපේ දරුවව සනීප කරගන්න පුළුවන් කියලා. අම්මා කෙනෙක්ට මේ වගේ මොහොතක පුදුමාකාර ශක්තියක් එනවා හිතට. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here