පුංචි ජන්දයට අදාළ නිහඬ කාලය ගැන මැතිවරණ කොමිසම දැනුම් දෙයි!

0
10


කොළඹ LNW:මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

මැතිවරණ කොමිසම සදහන් කරන්නේ ලබන 06 වනදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බවයි.

තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය 24, 25 සහ 28 යන දිනයන්හි ද සිදු කරනු ලැබීය.

තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 48,490ක් සුදුසුකම් ලබා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here