පුංචි ඡන්ද අපේක්ෂිකාවගේ සැමියා හොර ලේඛන හදා මාට්ටු

0
8


කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙක් පානදුර උතුර පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගෙන ඇත්තේ 66 හැවිරිදි වියේ පසු වූ පානදුර, පරත්ත, රුක්මල් මාවතේ පදිංචි පුද්ගලයෙක්.

උප්පැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික, විදුහල්පති සහතික, ග්‍රාමසේවා සහතික මෙම පුද්ගලයා විසින් කූඨ ලෙස සකස්කර ඇති අතර, රාජ්‍ය ආයතන කිහිපයක ව්‍යාජ මුද්‍රා ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ බිරිඳ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන්
අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටින තැනැත්තියක් බව ද පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු මීට පෙර 203 වසරේදී ද මෙවැනි වරදකට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here