පුංචි ඡන්දයේ පැමිණිලි 3,600ක් දක්වා ඉහළට

0
7


පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිල් 3,646ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඉන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධවයි. 

එම සංඛ්‍යාව 3,393ක්. 

ප්‍රචණ්ඩ ක්‍රියා 24ක් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී තිබෙනවා. 

ගතවූ පැය 24 තුළ පැමිණිලි 182ක්. 

සමස්ත පැමිණිලි 3,646න් පැමිණිලි 3,038ක් සම්බන්ධයෙන් මේ වන විට විසඳා ඇති අතර ඉතිරි 608 සම්බන්ධයෙන් ක්‍රියා කරමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්‍ෂකයින් 33 දෙනෙකු හා ආධාරකරුවන් 152ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here