එළඹෙන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට 24,25,28 සහ 29 දිනයන් වෙන්කර තිබෙනවා.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිසියේ නිලධාරීන් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් සභාපතිවරයා පැවසුවා.
ඒ, පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇති බවත් ඒ සඳහාවන තැපැල් ඡන්ද පත්‍රිකා මහනුවරට ලැබෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඊට අමතරව සිරි දළදා වන්දනාවේ රාජකාරිවල යෙදී සිටින යුද හමුදා නිලධාරීන්ට ඔවුන් අනුයුක්ත වී සිටින හමුදා කඳවුරුවල සහතික කරන නිලධාරියෙක් ඉදිරිපිට තැපැල් ඡන්දය භාවිතා කිරීමට හැකියාව පවතිනවා.
මේ අතර මැතිවරණයට අදාළව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහ වහනවල අඩුවක් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක වැඩිදුරටත් පවසන්නේ.
මේ වනවිට සියලු රාජ්‍ය නිලධාරීන් සහ වාහනවල සංගණනය සිදුකරමින් සිටින බව සඳහන් කළ සභාපතිවරයා සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් මැතිවරණය සඳහා සහාය දීමට බැඳී සිටින බවයි දැනුම් දෙන්නේ.
ඒ, සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති පනවා ඇති බැවින් මැතිවරණ නීති උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් වෙත සභාපතිවරයා දැනුම් දෙනවා.
Saru FM Media