පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය 05 වනදා අවසන් – මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 07ක්

0
14


තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 05 වනදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.

මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 07ක් මුද්‍රණය කරන බව ඔහු සඳහන් කළේ.

ඒ, අනුව එම තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07 වනදා නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 22, 23, 24 දිනවල දී පැවැත්වීමට නියමිතයි.

එම දිනයන්වල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද දායකයින්ට අප්‍රේල් 28 සහ 29 යන දිනවල සි සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here