පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ විශේෂ පොලිස් රාජකාරි අද දිනයේ සිට ආරම්භ වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ පොලිස් නිලධාරින් 65,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3,000කට ආසන්න ප්‍රමාණයක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
මනාප ගණන් කිරීම ආරම්භ වූ පසු ඡන්ද මධ්‍යසස්ථාන සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් සැපයීමටත්, හදිසි අවස්ථාවලදී ස්ථානගත කිරීම සඳහා දිවයින පුරා කැරළි මර්ධන ඒකක ස්ථාපිත කිරීමටත් පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Saru FM Media