2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. මධ්‍යස්ථාන 13,759කදී උදෑසන 07ට ආරම්භ වන එම ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 04ටයි.
පළාත් පාලන ආයතන 339ක කොට්ඨාස 4,877ක ඡන්ද විමසීම පැවැත්වෙනවා.
ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටක්.
එම පළාත් පාලන ආයතන 339 සඳහා සභිකයින් 8,287ක් දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා දේශපාලන පක්ෂ 49කින් සහ ස්වාධීන කණ්ඩායම් 257කින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරඟ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම්ව පවතිනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වන්නේ කෙසේද?
අද පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්‍ෂාව සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
ආරක්‍ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව 65,000ක්.
අද පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස සියලු ඡන්ද දායකයින්ගේ ඉල්ලා සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවරක් බවයි.
අද පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල එසැණින් ගෙන ඒමට නෙත් එෆ් එම් රේඩියෝව, නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල සමග එක්ව විශේෂ වැඩසටහනක්ද සංවිධාන කර තිබෙනවා.
Saru FM Media