ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එම තීරණයට එළඹ ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති සාකච්ඡාවකදීයි.
සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
එම සාකච්ඡාවට එක්වූ පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ලසන්ත අලගියවන්න මහතා ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ පොදු විපක්ෂයක් ලෙස සන්ධානගත වීමට සිය පක්ෂය එකඟ නොවන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්ධානගත විය හැක්කේ සිය පක්ෂයේ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්ති දරන පක්ෂ පමණක් බවද ඔහු කියා සිටියා.
කෙසේවෙතත් ජාතික ජන බලවේගයට වඩා විපක්ෂයේ මන්ත්‍රී ධුර වැඩි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙහිදී සඳහන් කළා.
Saru FM Media