පුංචි ආණ්ඩුවල බලය අල්ලන්න විපක්ෂයේ සාකච්ඡා දෙදරලාද?

0
2


ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මීට පෙර අවස්ථා දෙකකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. 

කෙසේවෙතත් මීට පෙර පැවති සාකච්ඡා සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද දෙවන සාකච්ඡා වටය සඳහා සහභාගී වූයේ නැහැ. 

සර්වජන බලයද ප්‍රකාශ කළේ විපක්ෂයේ සන්ධානයකට සහය දැක්වීමට තීරණයක් ගෙන නොමැති බවයි. 

මෙවන් තත්ත්වයක් යටතේ පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා විපක්ෂයේ එකමුතුවක් පිහිටුවීමේ සාකච්ඡා දෙදරා ගොස් ඇත්ද යන්න බොහෝ දෙනා මතුකළ ප්‍රශ්නයක්. 

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බවයි.

Neth Sound · RATHU KATTA 5-17



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here