පිළිකා නසා නිරෝගී සමක් ලබාදෙන ඉඟුරු තේවල ගුණ

0
9


ඔබට තිබෙන සමහර සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට ම ඔබේ මුළුතැන්ගෙයින්ම හොයාගන්න පුළුවන් ඉඟුරු වලින් විසඳුම් හොයන හැටි මේ ලිපියෙන් අපි ඔබට කියන්නම් 

ඉඟුරු තේ මිලිලීටර 240ක කෝප්පයක අඩංගු වන්නේ කැලරි දහයක් පමණි.එය ඔබේ කුසගින්න පාලනය කිරීම සඳහා ආහාර වේල් අතර ලබාගත හැකි පිරවූම් පානයක් ලෙසත් සැලකෙනවා. බර අඩු කර ගැනීමට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක්ම ඉඟුරු තේ පානය මගින් ඔබට ලබා ගන්න පුළුවන්.

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

සිහින්ව ගාන ලද අඟල් දෙකක් පමණ දිග ඉඟුරු කැබැල්ලක් 

උණු වතුර 250 ml

මී පැණි තේ හැන්දක්

හදන්නෙ මෙහෙමයි 

හොඳින් නටන උණු වතුර වලට සිහින්ව ගාන ලද ඉඟුරු එකතු කරන්න 

විනාඩි 5ක් පමණ එය වසා තබන්න 

මදක් නිවෙන්නට හැර මී පැණි එකතු කර පානය කරන්න 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

වියලන ලද ඉඟුරු කුඩු තේ හැඳි 1  1/2 පමණ

උණු වතුර 250 ml

මී පැණි තේ හැන්දක් 

හදන්නෙ මෙහෙමයි

උණු වතුර කෝප්පයට වියළන ලද ඉඟුරු කුඩු එකතු කර විනාඩි කිහිපයක් වසා තබන්න

ඉන්පසුව එය පෙරා මීපැණි එකතු කර පානය කරන්න 

ඉඟුරු මගින් ආහාර ජීරණ  ක්‍රියාකාරකම් උත්තේජනය කරන අතර ආහාර ජීරණ ගැටලු සමනය කරමින් ඔක්කාරය වැනි තත්ත්වයන්ද මැඩ පවත්වනවා.ඒ වගේම නිතර කුසගිනි ඇතිවීම ද වළක්වනවා. ආහාර දිරවීම උත්තේජනය කිරීමට සහ බඩ පිපීම වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් ආහාර ලබා ගැනීමට පෙර ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීම සුදුසු බව පැවසෙනවා. ඉඟුරු තේ පානය කිරීම මඟින් ලැබෙන ප්‍රධාන වාසියක් ලෙස බර අඩු කිරීම සැලකෙන අතර ව්‍යායාම කිරීමෙන් පසු ඇතිවන වෙහෙස පාලනය කිරීමට ද ඉඟුරු තේ වලට හැකියාව තිබෙනවා 

අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට ඉඟුරු තේ දිනපතා පරිභෝජනය කිරීම හෘද සෞඛ්‍යයට ආරක්ශිත බලපෑමක් ඇති කරන අතර රුධිර පීඩනයද අඩු කරනවා.ඉඟුරු තේ වල අඩංගු ඇමයිනෝ අම්ල, විටමින් සහ ඛනිජලවණ රුධිර සංසරණය වැඩිදියුණු කරන අතර එමගින් මිනිස් ශරීරයේ හෘදවාහිනී ගැටළු ඇති වීමේ අවදානම අඩු කරයි.එය ධමනි තුළ මේදය තැන්පත් වීම වැලැක්වීමට උපකාරී වන අතර එමගින් හෘදයාබාධ සහ ආඝාත වැනි ගැටලු වළක්වා ගැනීමට හැකි වේ.

හිසරදය, ඉරුවාරදය , ඔසප් වේදනාව , උගුරේ අමාරුව සහ මාංශ පේශීන් වල වේදනාව අඩු කිරීමට ඉඟුරු තේ පරිභෝජනය වැදගත් වෙනවා.

කාර්ය බහුල ජීවන රටාවන් සහ පුරුදු නිසා බොහෝ දෙනාගේ ප්‍රතිශක්තිකරණය මේ වන විට පහල මට්ටමක පවතිනවා.ඉඟුරු තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට වගේම ආතතිය අවම කිරීමටත් හැකි බව පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා.ඉඟුරු වතුරෙන් වාෂ්ප ඇල්ලීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසික තදබදය සහ ශ්වසන ගැටලු සමනය කරගැනීමට හැකියාව තිබෙනවා 

දිනපතා ඉඟුරු තේ පරිභෝජනය කිරීම මගින් අග්න්‍යාශ පිළිකා , මහ බඩවැලේ පිළිකා ඇතුළු පිළිකා සෛල වර්ග ඇති වීම බොහෝ දුරට වළකනවා 

ඉඟුරු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක , රුධිර  සංසරණය වැඩි කිරීමේ ගුණ සහ විෂබීජ නාශක ගුණ සමඟින් ඔබේ සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා.ප්‍රතිඔක්සිකාරක මඟින් ඔබේ සම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන අතර කොලජන් බිඳ වැටීමද මන්දගාමී කරනවා . එපමණක් නොව විෂබීජ නාශක ගුණය මඟින් කුරුලෑ ඇතිවීමද පාලනය කරනවා 

ඔබ දිනපතා පානය කරන සාමාන්‍ය තේ කෝප්පයකට වුවත් ඉඟුරු එකතු කර පානය කරන්නට ඔබට පුළුවන්. මේ දිනවල කිරිපිටි වල මිල ඉතා ඉහල අගයක් ගන්නා නිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස ඉඟුරු තේ භාවිතා කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඉඟුරු තේ වලට කුරුදු , ලෙමන් සහ මී පැණි එකතු කර ගැනීම මගින් ද තවත් සෞඛ්‍යමය වාසි ලබා ගන්නට ඔබට පුළුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here