පිළිකා අවදානම අඩු කරන විශ්මිත ගුණ දෙන මුරුංගා තේ

0
9


බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මුරුංගා  තුළ  අසාමාන්‍ය ඖෂධීය ගුණ සමුදායක් තිබෙනවා.යකඩ, පොස්පරස්, කැල්සියම් සහ විටමින්වලින් අධි පෝෂිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ඒ නිසාම බොහෝ අය මේ ගැන උනන්දුවක් දක්වනවා.
 ඉතා ඈත අතීතයේ ඉඳන්ම   මුරුංගා   ආහාර  සහ  ඖෂධ   වශයෙන්   යොදාගෙන   තියෙනවා.  අපේ   අනිකුත්  පෝෂ්‍යදායක  ආහාර  හා  මුරුංගා  කොළ   සසඳා   බැලූ විට  
*යෝගට්වල   මෙන්  9  ගුණයක්  ප්‍රෝටීන්

*කැරට්වල  මෙන්  10  ගුණයක්  විටමින්  A

*කෙසෙල්වල  මෙන්  15  ගුණයක  පොටෑසියම්

*කිරිවල    මෙන්  17  ගුණයක   කැල්සියම්

*දොඩම්වල  මෙන්  12  ගුණයක  විටමින් C  ඇති බවට පර්යේෂණ තුළින්  තහවුරු කරගෙන තිබෙනවා.ඉතිං ඒ නිසාවෙන්ම අද අපි කියලා දෙන්න යන්නේ මුරුංගා කොළවලින් සකසා ගත හැකි තේ පානය ගැනයි

මුරුංගා කොළවල ගුණ

  • ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක්
  • පිළිකා අවදානම අවම කිරීම
  • කොලෙස්ටරෝල් පාලනය කිරීම
  • වකුගඩු පිරිසිදු කිරීම
  • රුධිරය පිරිසිදු කිරීම
  • තරබාරු බව අඩු කරනවා
  • අස්ථි හා  දත්  ශක්තිමත් කිරීම

මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් සෝදා මද පවනේ වේලා ගත්  මුරුංගා කොළ (දින 4ක් හෝ 5ක් හොඳින් වේලා ගත යුතුයි)
  • උණු වතුර

සකසා ගන්නා ආකාරය

  • මුරුංගා කොළ හොඳින් කුඩු කර ගන්න
  • උතුරවා ගත්  වතුර එකකට කුඩු කර ගත් මුරුංගා කොළ දමා හොඳින් තැම්බෙන්න හරින්න.
  • පසුව සාමාන්‍ය ආකාරයෙන් තේ සාදා ගන්නා ආකාරයට මුරුංගා කොළ භාවිතයෙන් තේ සකසා ගන්න
  • හකුරු සමග රස විඳින්න

සැලකිලිමත් වන්න

දිනපතා පානය කිරීම හරහා රුධිරයේ  සීනි ප්‍රමාණය අවම කරන බැවින් සුදුසු නොවේ.එබැවින් ඒ ගැන සැලකිලිමත් වන්න .

ඉතාම ගුණදායි පානයක් වන මුරුංගා කොළ තේ පානය ඔබත් අදම එදිනෙදා භාවිතයට ගන්න.එය ඔබට නොසිතන හොද ප්‍රතිඵල ලබා දේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here