පිහිනීම කාන්තා ඔබට කොපමණ වැදගත් ද?

0
9


පිහිනීම කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය විනෝදාංශයක් වගේම ක්‍රීඩාවක්.  නමුත් පිහිනීම හැඩැති වගේම නිරෝගී සිරුරක් ලබා දෙන්න උපකාරී වෙන හොඳ ව්‍යායාමෙකුත් වෙන බව සමහරවිට ඔබ නොදැන ඉන්න ඇති. ඒ ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපේ අද සූදානම. ඉතිං අපි බලමු පිහිනීම කාන්තා අපිට මෙතරම් වැදගත් කියල සඳහන් කරන්න හේතු මොනවද කියල. 

මේ මුළු සිරුරේම මාංශපේෂි එකවරම සහභාගී වෙමින් සිදුකරන ක්‍රියාකාරකමක්. 

ඒ නිසා මුළු සිරුරටම අවශ්‍ය ව්‍යායාම ලැබෙනව වගේම,

හදවත වෙහෙසවීමකින් තොරව හෘද ස්පන්දන වේගය වැඩි කිරීම,

මාංශපේශී හැඩ කිරීම හා ශක්තිමත් බව ලබාදීම,

කැලරි දහනය සහ

දරා ගැනීමේ හැකියාව වැඩි කිරීම සිදුකරනව.

Breaststroke (ලය ආර), backstroke (පිටුපස ආර), sidestroke (පැති ආර), butterfly (සමනළ ආර) සහ freestyle (නිදහස් ආර) විදිහට පිහුනුම් ක්‍රම බොහොමයක් තිබෙනවා. 

මේ එක් එක් ක්‍රමයේදී සහභාගී වෙන මාංශපේෂී වෙනස් නිසා ඔබට අවශ්‍ය මාංශපේෂී වලට ක්‍රියා කරන පිහිනුම් ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. 

මාංශපේෂී හොඳින් ක්‍රියාත්මක වන විට රුධිර සංසරණ පද්ධතිය මඟින් හෘදයට හා පෙණහලු වලට හොඳ රුධිර සැපයුමක් ලබා දෙනව.

එය ඔබේ හෘදය ආශ්‍රිත මාංශපේෂී ශක්තිමත් කරන්න වගේම රුධිර පීඩනය අඩු කරන්නත් දායක වෙනව. 

හොඳින් හුස්ම ගැනීම සිදුවෙන නිසා පෙණහලු ධාරිතාව වැඩි වීමත් හුස්ම ගැනීමේ රටාව පාලනය කිරීමත් සිදු කරනව. 

මුළු සිරුරේම මාංශපේෂී සහභාගී වුනත් පිහිනීම කියන්නෙ අනෙකුත් ව්‍යායාම කරනවාට වඩා අඩුවෙන් වෙහෙස දැනෙන ව්‍යායාමයක්. 

ඒ නිසයි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයක් යටතේ,

ආතරයිටීස් හා විවිධ ශාරීරික ආබාධ නිසා ඇතිවන සන්ධි වේදනා සමනය කර ගැනීමටත්,

තුවාල සුවවීමේ වේගය වැඩි කර ගැනීමටත්, 

පිහිනීමේ යෙදීම යෝග්‍ය බව පරේක්ෂකයන් පෙන්වා දෙන්නෙ. 

මාංශපේෂී හොඳින් ක්‍රියාත්මක වෙන නිසා රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමට වගේම ගෘහස්ථ පිහිනුම් තටාකයක පිහිනීම ඇඳුම රෝගීන්ටත් සුවයක් ලබාදෙන බව තමයි පිළිගැනීම. 

පිහිනීම ගර්භණී කාලයේ මුල සිට අවසානය දක්වා ඕනෑම අවස්ථාවක නිරත වෙන්න පුළුවන් ක්‍රියාකාරකමක් විදිහටයි හඳුන්වන්නෙ.

කුස තුල වැඩෙන දරුවන් සහ වතුර අතරෙ තියෙන්නෙ හොඳ සම්බන්ධතාවයක් බව ඔබ දන්නවා. 

දෙවෙනි ත්‍රෛයිමාසිකය තුලදී පිහිනීමේ නිරත වීමෙන් නොමේරූ දරු උපත් අඩු කරගන්න වගේම සංජානනීය දෝෂ ඇතීවීමේ අවධානමත් අඩු කරන්න පුළුවන් කියලයි පරේක්ෂකයින් සඳහන් කරන්නෙ.

නමුත් මෙහිදී ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න කියලත් අපි ඔබට යෝජනා කරන්න කැමතියි. 

පිහිනීමේ නිරත වීම හොඳ නින්දක් ලබා ගැනීමට සහ අමතක වීමේ රෝගී තත්වයන් අඩු කිරීමට සෘජුවම දායකත්වය ලබා දෙන බව පරේක්ෂණ වලින් සනාථ කර තිබෙනවා.

එ මඟින් ඔබේ මානසික පීඩනය අඩු කරනවා.  

පිහිනීම කියන්නෙ විනෝදාංශයක් හා ක්‍රීඩාවක් නිසත් එය ඔබේ කාර්යබහුල ජීවිතයේ පීඩනය අඩු කරනව. 

ඉතිං, පිහිනීමේ යෙදීමෙන් සෞඛ්‍යසම්පන්න ජීවිතේකට අවශ්‍ය මෙවැනි වටිනා ප්‍රතිඵල රාශියක් ලබා ගන්න ඔබට පුළුවන්.

මෙවැනිම වටිනා ලිපියකින් නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here