පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.
මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ඇති බව සඳහන් වේ.
ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ පවතී.
පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ තවදුරටත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරන බවය.
එමෙන්ම අළු පිපිරීම් සමඟ සැලකිය යුතු වායු සහ වාෂ්ප විමෝචනයන් සිදුව ඇති බව සඳහන් වේ
වාෂ්ප පිපිරීම් සහ විෂ වායු නිරාවරණය විය හැකි බැවින් එම කලාපයට, විශේෂයෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකිනලෙසට උපදෙස් දී ඇත.
පිලිපීනයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන ටාල් ගිනි කන්ද අවසන් වරට 2020 ජනවාරි මාසයේදී ප්‍රධාන පිපිරීමක් සිදුව ඇත.
ගිනි කන්දේ සිදු වූ පෙර පිපිරීම් වලින් සැදුන කැල්ඩෙරා එකක පිහිටා ඇති අතර එය අද්විතීය භූ විද්‍යාත්මක තත්ත්වයන් නිර්මාණය කරමින් විලක් ආකාරයට පිහිටා ඇත.
පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන අතර ගිනිකඳු දූපත වටා අමතර අධීක්ෂණ උපකරණ යොදවා ඇත.
Saru FM Media











