පිරිමි දරුවන්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත සුලබ රෝගාබාධ

0
12


ගැහැණු දරුවන්ගේ මෙන්ම පිරිමි දරුවන්ගේ ද ලිංගේන්ද්‍රිය ආශ්‍රිත බොහෝමයක් අසාමාන්‍යතා මෙන්ම රෝග තත්ත්වයන් තිබෙන අතරම ඇතැම් අසාමාන්‍යතා මව්වරුන්ගේ නොදැනුවත්කම නිසාම හඳුනා ගැනීමට නොහැකි වනු ඇත.

පිරිමි දරුවන්ගේ ලිංගේන්ද්‍රිය ප්‍රධානව කොටස් හතරකි. එනම් රුධිරය පිරීමෙන් ප්‍රාණවත් වන කොටස් තුනක් සහ පෙරහම යන කොටසයි. මෙහි මැද පවතින දණ්ඩ වැනි කොටස (Copora Sopngiosun) මැදින් මුත්‍රා වාහිනිය පිහිටන අතර එය ගෝලාකාර කොටසකින් (Glans) අවසන් වේ.

පෙරහමෙන් ඒ සියල්ල වැසී පවතී. මෞත්‍ර ලිංග පද්ධතියේ ඇති සිහින්ම ස්ථානය වන ශිෂ්ණයේ ඇති මුත්‍ර මාර්ග විවරය දරුවාට වයස අවුරුදු 5 පමණ වන තෙක් ආරක්‍ෂාවන්නේ පෙරහමෙනි. දරුවා වැඩෙත්ම එනම් වයස අවුරුදු තුන හතර පමණ වන විට පෙරහම ඇලී තිබෙන ස්ථානවලින් ගැලවී විවරය පළල් වී සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ මෙන් සම්පූර්ණයෙන්ම පිටුපසට කළ හැකි පරිදි සැකසේ. තත්ත්වයට පත් වේ. නමුත් ළමයින් හය දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ක්‍රියාවලිය සාමාන්‍ය ලෙස සිදු නොවීම නිසා 6%කගේ පමණ පෙරහම ඉවත් කිරීමට සිදු වේ.

පෙරහම ඉවත් කළ යුත්තේ :

ශිෂ්ණය සෑදීමේදීි ඇති විය හැකි අසාමාන්‍යතා අතර ශිෂ්ණයේ මුත්‍ර විවරය නිසි තැන නොපිහිටා පහළින් පිහිටීමේ (Hyposapdias) සංකීර්ණ රෝග තත්ත්වය දැක්වය හැකිය. කුඩා ශිෂ්ණය (Small Penis), වක වූ ශිෂ්ණය (Chorde Penis), දෙබිඩි වෘෂණ කෝෂ (Bifid Scrotum) සහ මෞත්‍ර ලිංගික දුර්වලතා යනාදී ආබාධ ද සමග මේ තත්ත්වය ඇති විය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා සංකීරීණ වූ ශල්‍යකර්ම කිහිපයක්ම සිදුකළ යුතු වේ.

වැඩිවිය පැමිණෙන තෙක් පිරිමි දරුවන්ගේ ශිෂ්ණය ආශ්‍රිතව වැඩිපුර තෙල් තට්ටුවක් (Pre Pubertal Fat pad) පිහිටා ඇති අතරම ශිෂ්ණයේ බොහෝ ප්‍රමාණයක් එම තෙල් තට්ටුව තුළ ගිලී පවතී. මේ නිසා පිටතට පෙනෙන කොටස කුඩා විය හැකිය. එය දෙමාපියන්ව කනස්සල්ලට පත්කරවයි. තරබාරු බවද මේ තත්ත්වයට බලපාන තවත් හේතුවකි. ඒ නිසාම මේ තත්ත්වය එන්න එන්නම වැඩිවෙමින් පවතී. මේ තත්ත්වයේදී ඉතා වැදගත් වන්නේ සැබෑ තත්ත්වය මව්වරුන්ට අවබෝධ කර දීම සහ තරබාරු බව පාලනය කිරීමට උපදෙස් ලබාදීමයි.

පිරිමි දරුවන්ගේ වෘෂණ පිහිටා ඇත්තේ වෘෂණ කෝෂ තුළයි. කලල අවධියේදී වකුගඩු ආශ්‍රිතව උදරයේ ඉහළ කොටසේ කුස තුළ වෘෂණ සෑදීම ඇරඹෙන අතරම වර්ධනය සම්පූර්ණ වත්ම වෘෂණ, වෘෂණ කෝෂ කරා පැමිණේ. එය කුස තුළ ඇති සිදුරක් (Deep Ingualring) හරහා සිදුවේ. මෙසේ වෘෂණ, වෘෂණ කෝෂ වෙත පැමිණීමෙන් පසු එය පැමිණි සිදුර (Inguinal  Canal) සම්පූර්ණයෙන්ම වැසී යා යුතු වුවද 3% ක් පමණ දරුවන් කොටසකගේ එය සාමාන්‍ය පරිදි සුදු නොවේ. එනම් වැසී යාම අතරමග නවතී. (මෙම සිදුර ළදැරියන්ගේ ද ඇති අතර ඔවුන්ටත් 3% ක් නොවැසි පැවතිය හැකිය.)

එම සිදුර හරහා බඩවැල් පිටතට පැමිණිය (Hernia) හැකිය. බඩවැල් පිටතට පැමිණෙන හර්නියා තත්තවය නිසා බඩවැල් විනාෂ විය හැකි බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මේ තත්ත්වයේදී ඇති වන තවත් තත්ත්වයක් වන්නේ සිදුර කුඩා නම් දියර ගලාවිත් වෘෂණ කෝෂ වටේ තිබීම (Hydrocele/ Cystofthecord) වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය. මේ තත්ත්වය වසර දෙකකට වඩා පැවතීම නුසුදුසු වන්නේ පිරිමි දරුවන්ට වෘෂණ පරිණත භාවයට පැමිණීම වයස අවුරුදු දෙකේදී පමණ ඇරඹෙන නිසාය. ඒ සඳහා සැත්කමක් සිදුකිරීම අවශ්‍ය වේ.

එසේම කලලයේ වර්ධනයත් සමග වෘෂණ පිටතට පැමිණීම වැළකුණහොත් වෘෂණ කෝෂ හිස්ව පවතින අතර (Undescended Testis) වෘෂණ පහළට බහින මාර්ගයේ ඕනෑම ස්ථානයක පිහිටිය හැකි අතරම නිසි ලෙස පහළට නොබැසීම හේතුවෙන් අසාමාන්‍ය උෂ්ණත්වයන්ට ගොදුරු වී වෘෂණවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වන අතරම සහ වයස 25/30 පමණ වන විට පිළිකාවා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ද ඇත. එම වෘෂණ නිසි කලට (මාස 6 ත් මාස 10 ත් අතර) වෘෂණ කෝෂයට ගෙන ඒමේ ශල්‍යකර්මය කළ යුතු වන්නේ එබැවිනි. වෘෂණ, වෘෂණ කෝෂවල පිහිටිය ද ඒවා ඉහළට ඇදී තිබීම (Retractile Testis) සාමාන්‍ය තත්ත්වයක් වන අතරම අසාමාන්‍ය වේදනාවක් හෝ වෘෂණ කෝෂය අසාමාන්‍ය ලෙස ඉදිමීමක් දැකිය හැකි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවන්නේ වෘෂණයේ රුධිර සැපයුම සම්පූර්ණයෙන්ම නැති වී පැය හතරක් වැනි කෙටි කාලයක් තුළදී වෘෂණ කෝෂ විනාශ වී (Testicular Torsion) යන භයානක අවස්ථාව විය හැකි බැවිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here