පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනා නීතියේ රැහැනට හසුවෙයි

0
15


නොච්චියාගම යාය 17 ප්‍රදේශයේදී පිය පුතු දෙපළක්ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා .

මෙම ද්විත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

පොලිස් සුනඛයින් යොදාගෙන ඝාතනය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරුවන්ගේ නිවස වෙතට පොලිස් සුනඛයා දිව ගොස් තිබෙනවා .

මීට පෙර සිදුවූ ඝාතනයට පළි ගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා .

ඝාතනයට ලක්වූ දෙදෙනා විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගේ පියාව ඝාතනය කර ඇති අතර ඊට පළි ගැනීමක් වශයෙනුයි මෙය සිදුකර තිබෙන්නේ ..

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගන පොලීසිය විසින් සිදු කරනු ලබනවා .

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here