පියාගේ ඔළුව පළා හිමිනමකට පහර දි සැඟවී ඉන්න රාජපක්ෂ නිකායේ පුද්ගලයා හෙළිවේ – Saru News | සිංහල

0
4

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර තිබෙන යුද්ධය අන්තවාදී මුහුණුවරකින් ශ්‍රී ලංකාව තුළ රජයට එරෙහිව වර්ධනය කිරීම සඳහා දිලූක කසුන් කුලරත්න හෙවත් බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව හෙළි වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපතිවරයා හමුවීමෙන් පසුව මාධ්‍යයට කළ ප්‍රකාශය ජාත්‍යන්තර මට්ටමෙන් අන්තවාදය ව්‍යාප්ත කිරීමට දරන ලද බොළඳ ප්‍රයත්නයක් බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. මුනින්ද්‍රගේ දිලූක කසුන් කුලරත්න යන ගිහි නමින් සිටි එම භික්ෂුව 2009 සැප්තැම්බර් 07 රාත්‍රියේ ඔහුගේ පියාට පහර දී හිසට බරපතළ තුවාල සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය මූලික පරීක්ෂණ පවත්වා අංක 29844 යටතේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

එම නඩුව විභාග කිරීමෙන් පසුව විත්තිකරුට වසර 10කට අත්හිටවූ මාස 06ක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් ද නියම කර තිබිණි. මේ අතර බටපොල සතිපට්ඨාන භාවනා යෝගාශ්‍රමයට ගොස් එහි නායක හිමියන් වූ කිරින්දේ චන්ද්‍රසුමන හිමි යටතේ ආවතේව කටයුතු කරමින් සිට ඇත. ඒ අතර ව්‍යාජ පැවිද්දක් ලබා ගෙන පසු කාලයක දී භික්ෂූන් වහන්සේ නමකගේ උපාධි සහතිකයක් සොරකම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වූ ගැටුමක දී හිමි නමකට පහර දී පළා ගොස් රාජපක්ෂ නිකායේ රැකවරණය යටතේ මේ වනවිට සිටින බව හෙළි වී තිබේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here