පියයුරු එල්ලා වැටීම එහෙමත් නැත්නම් පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යාම කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක්.
ලොව පුරා ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන් පවසන පරිදි කාන්තාවන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් ලෙස පියයුරු පිරිපුන් කිරීම වඩාත් ජනප්‍රිය ප්ලාස්ටික් ශෛල්‍යකර්ම වලින් එකක් ලෙස හඳුනාගන්න පුළුවන්.
නමුත් කාලයත් සමඟ පියයුරු වල පිරිපුන් බව ටිකෙක් ටික අඩුවීම ඉතාම සුලභ ඒ වගේම ස්වභාවික තත්වයක් කියල ඔබ දන්නවද?
අද අපි කතා කරන්නෙ පියයුරු වල පිරිපුන් බව ආරක්ෂා කරන්න ශෛල්‍යකර්ම වලින් තොරව අපිට අනුගමනය කරන්න පුළුවන් ජීවන රටාවේ සරල වෙනස්කම් කීපයක් ගැනයි.
ඒත් මුලින්ම අපි බලමු, පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යන්න හේතු වෙන කාරණා මොනවද කියල.
පියයුරු වල පෙනුම වෙනස්වීමට හේතු
වයස්ගත වීම
ගර්භණීභාවය
ස්වභාවිකව ප්‍රමාණයෙන් විශාල පියයුරු පිහිටීම
එක්වරම සිදුවෙන ශරීරයේ බර අඩුවීම
ස්ථූලතාවය
පාරජම්බූල කිරණ වලට දැඩි ලෙස නිරාවරණය වීම
ආර්ථවහරණය නිසා සිදුවෙන හෝමෝන වෙනස්වීම්
අධික තීව්‍රරතාවයකින් යුතු ව්‍යායාම
පියයුරු පිළිකා වැනි සමහර රෝග තත්වයන්
දැන් අපි බලමු පියයුරු වල පිරුණු පෙනුම ලබාගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග මොනවද කියල
පියයුරු වල පිරුණු පෙනුම ලබාගන්න උදව් වෙන ස්වභාවික පිළියම්
ඔබේ පියයුරු වල නැතිවූ හැඩය ස්වභාවික පිළියම් මඟින් නම් 100% ක් නැවත ලබා ගැනීමට ඔබට හැකියාවක් නැතිබව තමයි පර්‍යේකයන් සඳහන් කරන්නෙ.
නමුත් ඒ හා සමාන පෙනුමක් සහ කැපී පෙනෙන වෙනසක් ලබා ගන්න ඔබට අනිවාර්‍යෙන් පුළුවන්.
අපි බලමු ඒ කොහොමද කියල?
ව්‍යායාම
ඔබේ පියයුරු වල මාංශපේෂී නොමැති නිසා පියයුරු වල පටක ව්‍යායාම මඟින් නැවත සැකසීමේ හැකියාවක් නැහැ.
නමුත්, පියයුරු ආශ්‍රිත මාශපේෂී සහ පටක ශක්තිමත් කරමින් පියයුරු වල පෙනුම වැඩි දියුණු කරන්න ව්‍යායාම වලට පුළුවන්.
විශේෂයෙන්ම,
පිහිනීම
Pushups
Bench press
Arm curls
වගේ ව්‍යායාම වගේම smart lady අපේ https://smartlady.lk/article/29453/exercises-for-firmer-boobs/ ලිපියේ සඳහන් ව්‍යායාම වලත් නිරත වීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්.
ආහාර පාලනය සහ පෝෂණය
Saru FM Media