එරබදු කියන්නේ සිංහල අලුත් අවුරුදු උදාව සමග අපට සිහියට නැගෙන ශාකයක්. නමුත් එරබදු කියන්නේ දේශීය වෙද කම් වලදී ඉතාමත්ම සුලභව භාවිතා කරන ශාකයක්. පරිසර හිතකාමී, අතුරු අබාධවලින් තොර හෙළ ඔසු පැලෑටි පිලිබඳ උනන්දුවන ඔබටයි මේ..
එරබදු පත්‍ර අගනා ඔසු ගුණයෙන් පිරිපුන්. නයිට්රජන් ,පොස්පරස් වලින් පොහොසත්. එරබදු කරල් වලින් බීජ ගෙන ද, දඬු, අතු රිකිලි සිටවා ගැනීමෙන්ද පහසුවෙන් එරබදු ව්‍යාප්ත කරගන්නට පුළුවනි.
නෙලුම් ඇට එළඟි තෙලෙන් අඹරා උදේ හවස පියයුරු මත ආලේප කරන්න. පියයුරු වර්ධනය වේ.
දශමුල කසාය, එළුමස් තැම්බූ වතුර, එළකිරි, කෝප්ප දෙක බැගින් ගෙන කෝප්ප දෙකකට සිඳ අව්වේ කකාරා එළඟිතෙලෙන් පියයුරුමත ආලේප කරන්න.
එරබදු දළු කොටා වන්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්මට දෙහි ඇඹුල්, මී පැණි දමා බිමට දෙන්න.
එරබදු කොළ මලවා, රසවත් මැල්ලුමක් සාදා ආහාරයට දෙන්න. එරබදු ලපටි කොළ සෝදා පිරිසුදු කර හීනියට ලියාගන්න. පොල්, රතු ළුණු, අමු මිරිස් කරලක් ලියා දමා මඳ ගින්නේ මලවා ගත යුතුයි. ලිපෙන් බෑමෙන් පසු දෙහි මිශ්‍ර කරන්න.
– ඉරේෂා –
Saru FM Media