යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුනු ගම්පහ පොලිස් විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරීන් 06 දෙනෙකු හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ නියම කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි.
ගම්පහ අස්ගිරිය වල්පොල ප්‍රදේශයේ මෙම නිලධාරින් රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බවත් එහිදී එම යතුරුපැදිය පසුපස පන්නාගොස් යතුරුපැදිකරු අල්ලාගත් බවත් එම නිලධාරීන් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Saru News








