පිම්පල්ස් ලේසියෙන්ම මට්ටු කරමු ද?

0
12


පිම්පල්ස් කියන්නේ හිසරදයක් කියන එකට ඔබ එකඟ ඇති. ඇත්තටම මේ හිසරදයට විසඳුම් මිල අධික රූපලාවණ්‍ය සත්කාර විතරමද?
DIY සංකල්පයෙන් ඔබට පිම්පල්ස් තනියෙන් මට්ටු කරන්න පුලුවන්.

1. කුරුඳු සහ පැණි

කුරුඳු හොඳින් කුඩු කර ඒ කුඩු වලට මී පැණි එක් කරන්න. රාත්‍රියේ ආලේප කරන්න.
මෙය සති දෙකක් පමණ කරන්න අමතක කරන්න එපා.

2. දොඩම් ලෙලි

දොඩම් ලෙලි වල ඇති ඇසිඩ් වර්ග සහ විටමින් සී කුරුලෑ වලට එරෙහිව ප්‍රතික්‍රියා කරනවා. දොඩම් ලෙලි ආලේපයත් කුරුලෑ මර්දනයට සුදුසුයි.

3. ගස්ලබු

ගස්ලබු හොඳින් පොඩි කරගෙන මුහුණේ ආලේප කරලා විනාඩි විස්සක් පමණ තබන්න. ඉන්පසු මඳ රස්නය සහිත ජලයෙන් මුහුණ සෝදන්න.

4. තක්කාලි

තක්කාලි යුෂ ආලේප කර පැය බාගයකින් පමණ සෝදා හරින්න.

5. දන්තාලේප.

ටූත් පේස්ට් කුරුලෑ මට්ටු කරන හොඳ බෙහෙතක්. නමුත් නිතරම පාවිච්චිය ඒ තරම් හොඳ නෑ.
-නිබන්ධිකා-

The post පිම්පල්ස් ලේසියෙන්ම මට්ටු කරමු ද? appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here