පිපිඤ්ඤා කෑවම ඔබට ලැබෙන දේවල් දැනගෙනම පිපිඤ්ඤා කමුද?

0
2

ගොඩක් කාන්තාවන්ට පිපිඤ්ඤා කියනවිට මතක්වන්නේ මුහුණ ලස්සන වන්න පාවිච්චි කරන දෙයක් විදිහටයි. පිපිඤ්ඤා පෙති මුහුණ මත තබා ගැනීම බොහෝ කාලයක පටන්ම කාන්තාවන් අතර ප්‍රචලිතයි. මේ නිසාම බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවලට පිපිඤ්ඤා සාරය එකතු කරනු ලබයි. නමුත් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ලස්සන මුහුණකට වඩා යමක් ලබාගත හැකියි. මෙන්න මේ දේවල් ඔබේ ශරීර සුවතාවයට ලබාගන්න පුළුවන්.

පිපිඤ්ඤා නිතර ආහාරයට ගැනීමෙන් ඔබට:

  1. මැග්නීසියම් සහ පොටෑසියම්වලින් අනූන හෙයින් රුධර පීඩනය පාලනය කර ක්‍රමවත් කරයි.
  2. Vitamin A ඇති නිසා දෙනෙත් රැක ගැනීමට කදිමයි. පෙනීම වැඩි දියුණු කරයි.
  3. මෙහි ඇති Vitamin B ශරීර ශක්තිය වර්ධනය කරයි.
  4. හිරු රශ්මියෙන් බැට කෑ සම නැවත ප්‍රාණවත් කර ශරීරය සිසිල් කරදෙයි.
  5. කො‍ලෙස්ටරෝල් මට්ටම සහ ශරීරයේ බර පාලනය කරයි.
  6. හන්දිපත් වේදනාව දුරලයි.
  7. ආහාර දිරවීම පහසු කරන අතර පිළිකා වැළඳීම අවම කරයි.

මේ නිසා මතක ඇතිව පිපිඤ්ඤා මූනෙ ගාන්න වගේම නිතරම ආහාරයට ගැනීමටත් මතක තබාගන්න.

– කල්හාරි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here