පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ නවීකරණ කටයුතු කඩිනමින් ඉදිරියට

0
2

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණ කටයුතු සිදු කරමින් පවතින පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ නවීකරණ කටයුතු අප්‍රේල් මස මුල් සති දෙක තුල අවසන් කිරීමට නියමිතය.

පර්යන්ත දෙකකින් යුත් මෙම බස් නැවතුම්පොල නවීකරණ කටයුතු රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදු කෙරෙන අතර, බිම්මහල බස් නැවතුම් අංගනය ලෙසත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර විවේකාගාර සදහාත් තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් සේවා සදහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

නවීකරණ කටයුතු යටතේ බස්, දුම්රිය, ගුවන් ඇතුළු සියලුම ප්‍රවාහන මාධ්‍යයන් පිළිබද මහජන දැනුම්වත්වීම් සඳහා නව තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙම පරිශ්‍රය තුල ස්ථාපිත කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here