පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයි

0
6

පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල්කරණය කරමින් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. 

ඒ, එම වෙළඳපොළේ දෛනික මූල්‍ය ගනුදෙනු වඩාත් විධිමත් කිරීමේ අරමුණෙනි. 

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හඳුන්වා නව මාර්ගත පද්ධතිය අද (02) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී. 

fmis.uda.lk වෙබ් ද්වාරය හරහා ක්‍රියාත්මක වන මෙම නවීන පද්ධතිය මඟින් වෙළඳපොළේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ බදු මුදල් හා අනෙකුත් දෛනික ගෙවීම් ඉතා පහසුවෙන් තමන් සතු ජංගම දුරකථනය හරහා සිදු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවනු ඇත. 

මෙරට තොග වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන මැනිං වෙළඳපොළ මෙලෙස ඩිජිටල්කරණය වීම රජයේ ජාතික ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ සුවිශේෂී ජයග්‍රහණයක් බව එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය. 

මුදල් රහිත ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම තුළින් වෙළඳ ප්‍රජාවට සිය ව්‍යාපාරික කටයුතුවලදී කාලය ඉතිරි කරගැනීමට හැක බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

පෝලිම්වල රැඳී සිටීමේ පීඩාවෙන් මිදීමටත් හැකි වන අතර ගෙවීම්වල විනිවිදභාවය හා මූල්‍ය ආරක්ෂාව උපරිම මට්ටමින් තහවුරු වන බව ද අමාත්‍ය වැඩිදුරටත් කීය.

මෙම ක්‍රමවේදය ඉදිරි කාලයේදී දිවයින පුරා පිහිටි සෙසු ආර්ථික මධ්‍යස්ථාන වෙත ද ව්‍යාප්ත කිරීමට රජය සැලැසුම් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here