පැහැපත් දීප්තිමත් සමක් ලබා ගන්න නම් මේ Skin care routine එක දිනපතා follow කරන්න.

0
10


කවුරුත් කැමැතියි තමන්ගේ සම ලස්සනට පවත්වාගෙන යන්න. ලප කැලැල් වලින් තොර පැහැදිලි පැහැපත් සමක් කියන්නේ තරුණියකගේ හීනයක්. කොහොමද එහෙම සමක් ලබාගන්නේ?

ඉතින් අද මේ කියන්නේ යන්නේ මේකප් දාන්න ඕන නැති, ලස්සන ,නීරෝගී සමක් පවත්වාගෙන යන්න නම් Skin care routine එකක් කරන්නේ කොහොමද කියලා.ඇත්ත වශයෙන්ම මේක අපේ දෛනික වැඩ කටයුතු වල අනිවාර්යය කොටසක් කරගන්න ඕනම දෙයක්.

මේක දෛනික ක්‍රියාවලියක්.ඒ කියන්නෙ අපි දිනපතා අපේ සමට කල යුතු සත්කාර ක්‍රියාවලියක්.
මෙහිදී අපිට උදෑසනට වෙනම සහ රාත්‍රියට වෙනම වශයෙන් ස්කින් කෙයා රූටින් එකක් පවත්වාගෙන යන්න පුලුවන්.

අපේ සම හොඳ තත්වයකින් පවත්වාගෙන යන්න අපිට ස්කින් කෙයා රූටින් එකක් ගොඩක් වැදගත් වෙනවා.මෙයින් අපිට වාසි රැසක් අත් කරගන්න පුලුවන්

ස්කින් කෙයා රූටින් ( Skin Care Routine ) එකක් කරන්න කලින් අපි අපේ සම හඳුනාගැනීම (Skin Type ) සහ ඊට ගැලපෙන ආකාරයේ රූටින් එකක් තෝරාගැනීම කලයුතු වෙනවා.

සමේ මූලික වර්ග හතරක් තියනවා

ඔබේ සම තදින් දැනෙනවා නම්, ඔබේ සම වියළි සමක් ලෙස හඳුවන්න පුලුවන් . ඔබේ නාසය සහ නළලෙහි කැපී පෙනෙන බැබළීමක් තිබේ නම්, ඔබේ සම බොහෝ දුරට සාමාන්‍ය හෝ සංයෝජන සමක් විය හැකියි. ඔබේ නළල හා නාසයට අමතරව ඔබේ කම්මුල් වලත් දිලිසීමක් තිබේ නම්,උදෑසන අවදි වන විට ඔබේ නාසය දෙපැත්තේ අධික තෙල් සහිත ස්වභාවයක් තිබේ නම් ඔබට බොහෝ විට තෙල් සහිත සමක් තියනවා කියලා හඳුන්වන්න පුලුවන්.

මේ විදියට ඔබේ ස්කින් ටයිප් ( Skin type ) එක තෝරාගැනීමෙන් පස්සෙ ඔබට ඔබේ ස්කින් කෙයා රූටින් එක ගොඩනගා ගන්න පුලුවන්.
මෙහි අදියර සඳහා ඔබේ skin type එකට ගැලපෙන නිශ්පාදන හෝ ස්වභාවික දේවල් තෝරාගෙන භාවිතා කිරීම ඉතා වැදගත්.

ස්කින් කෙයා රූටින් එකක ප්‍රධාන පියවර මොනවද කියලා අපි මුලින්ම විමසා බලමු. මේ පියවර වලට අමතරව ඔබට ඔබේ සම අනුව, සමෙහි ඇති ගැටලු අනුව තවත් පියවර එකතු කරගන්න පුලුවන්

මුලින්ම ඔබේ දෑත් සබන් යොදා හොදින් පිරිසිදු කරගන්න. දෑත් වල ඇති විශබීජ සමෙහි තැවරීම සහ සමට ඇතුලුවීම මෙයින් වලක්වනවා.

මෙහිදී ඔබේ සමට ගැලපෙන ෆේස් වොශ් (face wash) එකක් හෝ ක්ලෙන්සර් එකක් (cleanser) පාවිච්චි කරන්න පුලුවන්. ෆේස් වොශ් එකකින් සම හොඳින් පිරිසිදු කරන අතර ක්ලෙන්සර් කිරීම මඟින් සම පිරිසිදු කරනවා වගේම සමට තෙතමනයත් ලබා දෙමින් පෝශණය කරනවා. මින් එකක් හෝ දෙකම ඔබට උදෑසනට සහ රාත්‍රියට භාවිත කල යුතු වෙනවා.

සම පිරිසිදු කරගත හැකි ස්වාභාවික ද්‍රව්‍ය

ස්ක්‍රබ් කිරීම දිනපතා කල යුතු නෑ.නමුත් සතියකට දෙතුන් වතාවක් කිරීම කල යුතුයි. මෙයින් සමෙහි ඇති මැරුණු සෛල හොඳින් ඉවත් කරනවා.

ස්ක්‍රබ් කරගත හැකි ස්වභාවික ක්‍රම

ස්ක්‍රබ් කිරීමේදි විවෘත වෙන සමෙහි සිදුරු නැවත වසා දැමීම මෙහිදි සිදුවෙන නිසා මෙය කිරීම අනිවාර්යය වෙනවා. නැතිනම් කුණු දූවිලි ඔබේ සමට ඇතුලු වෙන්න පුලුවන්

ස්වාභාවික ටෝනර් වර්ග

ඔබේ සම පෝශණය කිරීම සහ වියලීම වැලැක්වීම මෙහිදි සිදුවනවා. එම නිසා ඔබෙ skin type එකට ගැලපෙන ආකාරයේ මොයිස්චර්රයිසර් එකක් භාවිතා කරන එක වැදගත්.
ඔබ එළිමහනට නොයන්නේ නම් කෝමාරිකා ජෙල් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්. මොයිස්චර්රයිසර් එකක් යොදා සම මෘදුව උඩු අතට සම්බාහනය කල යුතු වෙනවා

මෙම ස්කින් කෙයා රූටින් එකෙන් පසුව ඔබ එළිමහනට යනවා නම් sun cream එකක් භාවිතා කිරිම අනිවාර්යය කරගන්න.හිරු කිරණින් ඔබේ සමට ඇතිවිය හැකි අහිතකර තත්ව මින් වලක්වනවා.

ස්කින් කෙයා රූටින් එකක ප්‍රධාන අදියර කීපය මේවා වන අතර මේ සඳහා ඔබේ සමට හිතකර වෙන තවත් අදියර ඔබ කැමති ආකාරයට එකතු කරගන්න පුලුවන්. විටමින් සී සීරම් එකක් භාවිතා කිරීම ,උදෑසන හෝ රාත්‍රියේදි සතියකට තුන් වතාවක් පමණ ෆේස් මාස්ක් ( face mask ) එකක් භාවිතා කිරීම ,රාත්‍රියේදි under eye cream එකක් භාවිතා කිරීමත් ඔබට කල හැකියි.

කෙසේ උනත් මේ සියලු සත්කාර වලට කලින් ඔබ භාවිතා කරන්න යන නිශ්පාදන හෝ ස්වභාවික ද්‍රව්‍ය වලින් ඔබට කුමක් හෝ ආසාත්මිකතාවක් ඇතිවීමට හැකියාවක් ඇතිදැයි පරික්ශා කර බැලීමට සැලකිලිමත් වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here