ශ්‍රී ලංකාවේ භෞමික ඩිජිටල් රූපවාහිනි විකාශන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුමට අත්සන් තැබුණා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඕ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරුණේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාශංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගාකු අඩාවි යන මහත්වරුන් මේ සඳහා අත්සන් තැබුවා.
සංවර්ධනය වෙමින් පවතින රටවල එම සංවර්ධන කාර්යයන් සදහා මූල්‍යකරණ කටයුතු සිදුකරන ඕ ඩී ඒ ආයතනය හා ජයිකා ආයතනයේ මූල්‍ය මෙන්ම තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සැලසුම් කර මෙම ව්‍යාපෘතිය මෙහෙයවීම සිදුවනවා.
ලොව පුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවට අනුගත වීම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මේ ඔස්සේ භෞමික රූපවාහිනි සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත රූපවාහිනි වැඩසටහන් නැරඹිමේ හැකියාව උදාවනවා.
මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Saru FM Media