පැල රැක ගස් කරන ඩීඑස්අයි වොලිබොල් තරගාවලිය 2025 දී 23 වන වරටයි

0
2


නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ලංකාවෙ වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වුණාට එයට ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ හොඳ ස්ථාවරයක් නෙමෙයි.එවැනි තත්ත්වයක ජාතික මට්ටමෙන් ඉහළ වොලිබෝල් ක්‍රීඩාවක් නඩත්තු කරන්න මේ ආකාරයට හෝ ඉඩ ලැබෙන්නේ පාසල් මට්ටමෙන් විශාල කණ්ඩායම් ප්‍රමාණයකට ඉඩ හැඳෙන ඩ්එස්අයි සුපර් ස්පෝර්ට් තරගාවලිය නිසයි.විවිධ වයස් කාණ්ඩවලින් පාසල් දරුවා වොලිබෝල් ක්‍රීඩාවට ආකර්ශනය කර ගත හැකි සැළසුමක් ලෙස ඩීඑස්අයි හඳුන්වන්නට පුළුවන්.මේ ඩීඑස්අයි සත්කාරය මත වැඩුුණු සරු ගස් සියල්ලම රැක ගැනීමට ජාතික තලයේ නිවැරදි වැඩ පිළිවෙලක් තිබුණානම් මේ තරගාවලියේ විශිෂ්ඨත්වය මීටත් වඩා දැනේන තිබුණ බව තේරුම් ගත යුතුය.බොහෝ විට මේ තත්ත්වය ගැන විවිධ කතා යෝජනා සාකච්ඡා සිඳු වුණද බොහෝ සභාපතිවරුන්ගේ කාල වකවානු තුළ මෙන්ම කාංචන ජයරත්නගේ පාලනය තුළද විශේෂ වෙනසක් සිඳු නොවිණි.ඔහු වොලිබෝල්වල සිටි වැඩිම ක්‍රීඩා ප්‍රමාණයක ජාතික මට්ටමේ සහ ප්‍රාදේශිය මට්ටමේ වගකීම් දැරූ සභාපතිවරයා නොවුණානම්, ඔහුට වොලිබෝලයට මීට වඩා ආදරණිය සේවයක් කරන්නට තිබිණි.

කෙසේ නමුත් මේ තරගාවලිය නිසා දිවයිනේ විවිධ පළාත්වලින් දක්ෂයන් නිර්මාණය වෙන්න පසුබිම සැකසීම විශේෂයි.ජාතික පාසල් වොලිබෝල් ක්‍රීඩා තරගාවලියට වඩා වැඩි අත්දැකීමක් ලබන්න සහ ඊට වඩා තරගකාරී අත්දැකීමක් ලබන්න ඩීඑස්අයි පාසල් වොලිබෝල් ආකෘතිය ඇතුළෙ ඉඩ සැකසෙනවා.

ඒ නිසා මේ තරගාවලිය තරමට අනාගතයට යහපත්,පලදායි බලාපොරොත්තු වෙනත් තරගාවලියක් ශ්‍රී ලංකාවේ නැහැ.
ඒ අනගි අනුග්‍රහය සම්බන්ධයෙන් මේ වසරේ එම තරගාවලියට වසර 23 ක් සැපිරීම ගැන ගෞරවයෙන් කතා කරන්නට යෙදුණේ ඩී.සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතායි.ඔහු අඛණ්ඩව තරගාවලිය පැවත්වීමට සිය ආයතනයට දායකත්වය ලබා දීමට හැකි වීම ගැන මෙන්ම ඒ හරහා රටේ වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දීමට හැකි වීම ගැනත් ස්වීය ආයතයට තිබුණ හැකියාව නිහතමානීව ඇගයීමකට ලක් කරනු ලැබුවා.

ජූනි මාසයේ මැද සිට නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේ දී අවසාන වටයේ තරග පැවත්වෙන තෙක් මේ වන විටත් තරගාවලිය දිග හැරීම සැකසී අවසන්ව තිබෙනවා.දිස්ත්‍රික් තරග පැවත්වෙන්නේ ජූනි 14,15,21,22,28 සහ 29 දිනවලත්,ජූලි 5,6,12,13,19,20,26,27 දිනවලත්ය.ඒ ඒ වයස් කාණ්ඩවල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන ස්ථාන තරග වැදී ජාතික මට්ටමේ අවසාන තරගවලට සුදුසු කණ්ඩායම් තෝරා ගැනීමේ තරග පැවත්වෙන්නේ අගෝස්තු 20 සිට 24 දක්වා ය.

අවුරුදු 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩවලින් මෙම තරගාවලියට කණ්ඩායම් ඉදරිපත් කිරීමට හැකියාව ඇති අතර මෙම කණඩායම් ප්‍රමාණය දහස් ගණනක් වීම සාමාන්‍ය තත්ත්වයකි.එම තරග සඳහා ඇතුළත් වීමට අවශ්‍යය අයදුම් පත්‍ර සෑම ඩීඑස්අයි ප්‍රදර්ශනාගාරයකින්ම ලබා ගැනීමට අවශ්‍යය පහසුකම සපයා ඇත.එසේම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 011-2669344 යන දුරකතන අංකයෙන් මෙන්ම දිස්ත්‍රික් 25 ට අදාළව පත් කර ඇති සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන්ද තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර ගේ 0773329702 දුරකතාන අංකයට ඇමතිමෙන්ද,වොලිබෝල් සම්මේලන ලේකම් එස්.ඒ.නාලකගේ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින්නේය.
අයදුම්පත් අංක 257,හයිලෙවල් පාර නාවින්න,මහරගම ලිපිනයට ද,ආසන්නම ඩිඑස්අයි ප්‍රදර්ශනාගාරයටද ලබා දීමේ හැකියාව කණ්ඩායම්වලට ඇත.මැයි 14 දින අයදුම්පත් භාර ගැනීම අවසන් කිරීමට නියමිතය.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here