පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් මහා මාර්ග යතුරුපැදි ඒකකයක්

0
12


පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් මහා මාර්ග, යතුරුපැදි සංචාරක ඒකකය පිහිටුවීම ගාල්ල කොටුවේ පිහිටි දකුණු පළාත් පොලිස් සේවස්ථ පුහුණු ආයතනයේදී සිදු  වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට සිට අහංගම දක්වා කොළඹ මාතර ප්‍රධාන මාර්ගයේ සිදුවන රථවාහන අනතුරු වැළැක්වීම සහ මාර්ග තදබදයට පිළියම් යෙදීමයි වැඩපිළිවෙලේ අරමුණ.

මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී තිබෙනවා.

එවැනි නීති විරෝධී ක්‍රියා පාලනය කර ජනතාවට නිදහසේ සිය ගමන් බිමන් පහසුකම් සලසා ගත හැකි පරිදී අවශ්‍ය පරිසරය සකස් කර දීමට ඉන් හැකිවන බවයි පොලිසිය පවසන්නේ.

අධි බලැති යතුරුපැදි සහ පොලිස් මුර රථ ඒ සදහා යොදා ගැනෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඇතුළු පිරිසක් පොලිස් යතුරුපැදි සංචාරක ඒකකය පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here