පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා .
එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වන්නේ .
පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව වෙනවා .
එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇතිව බවටයි සඳහන් වන්නේ .
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද ඇති වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවලට සඳහන් .
භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම සමීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා .
කෙසේ නමුත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බවයි සඳහන් වන්නේ .
Saru FM Media