පැදිකරුගේ ජීවිතය බිලිගත් රිය අනතුර

0
10


කටුපොත පොලිස් වසමේ පොතුහැර – දම්පිටිය අතුරු මාර්ගයේ දම්පිටිය හන්දිය අසල දී පොතුහැර දෙස සිටි දම්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පදික පුද්ගලයා කටුපොත රෝහල වෙත ඇතුළත් කර පදික පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මෙම අනතුර ඊයේ (25) සිදු ව ඇති අතර මරණකරු වයස අවුරුදු 79 ක් වූ අලහිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here