පාසැල් දරුවන් අතර සුලබ නීරක්තිය

0
12


පාසල් යන වයසේ පසුවන ඔබේ දරුවාගේ  වර්ධනය හරිම වේගවත්, ඔවුන් හරිම ක‍්‍රියාශිලීයි. ඉගෙනීමේ කටයුතුවල හොදින් නියැලෙන්නට වගේම, ක‍්‍රීඩා කටයුතු සදහාත්, බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදෙන්නටත් ඔවුන්ට සිදු වෙනවා. නමුත් මේ දරුවන් අතර නීරක්තිය (ලේ හිගකම) සුලබයි. පිටතට පෙනෙන තරම් ලේ හිග නොවුණත්, ඇෙ`ග් තැන්පත් යකඩ ප‍්‍රමාණය අඩු දරුවෝ ගොඩක් ඉන්නවා.

එයට ප‍්‍රධාන හේතුව යකඩ ඌණතාවයයි. අපේ දරුවන් මස් මාළු කනවා අඩුයි. සමහර දරුවෝ නිර්මාංශයි. ප‍්‍රධාන ආහාර වේල් මගහැර කෙටි ආහාර ගන්නවා. වැරදි ආහාර රටාවන් සුලභයි. පණු රෝගද ලංකාවේ දරුවන් අතර බහුලයි. කොකු පණුවන් කුඩා බඩවැල් තුළ ජීවත්ව සිටිමින් ලේ උරා බොනවා. දරුවන්ට නිරක්තිය හා යකඩ ඌණතාව ඇති කරන්න මේවා ඔක්කොම හේතු වෙනවා.

කව්පි, කඩල, මුං ඇට, සෝයා, පරිප්පු, සහල්, ගොටුකොළ, තම්පලා සහ අනෙකුත් කොළ පැහැති පලා වර්ගවල යකඩ තිබෙනවා. ඒත් ඒවායේ තිබෙන කෙ`දිති නිසා මේ යකඩ බොහෝමයක් ශරීරයට උරා ගන්නේ නැතිව, මලපහ සමග පිටවි යනවා මස්, මාළු, කරවල, සැමන් හා පීකුදු වැනි යකඩ බහුල සත්ත්වමය ආහාරවල ඇති යකඩ පහසුවෙන් ශරීරයට උරා ගන්නවා. මේ නිසා තමයි මස් මාළු වැඩිපුර කන්න  ඕන.

රජය මගින් 01 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියලූ දරුවන්ට යකඩ, ෆෝලික් අම්ල හා විටමින් සී පෙති 1 බැගින් ලබාදෙනවා. මෙය සෑම වසරක් පාසාම පහත පරිදි දරුවන්ට ලබාදෙන්න  ඕන.

උතුරු, නැගෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමු යන පළාත්වල දරුවන්ට අතිරේක පණු පෙත්තක් මාස 6 අවසානයේ දී ද ලබාදෙනවා. මේ අනුව එම දරුවන්ට වසරකට පණු පෙති දෙකක් ලැබෙනවා.

මේවා බොනකොට ඔක්කාරය, වමනය, හිස රුදාව, කලූ පාටට මල පහ පිටවීම ආදිය ඇති වුණොත්  කලබල වෙන්න එපා, බය වෙන්නත් එපා. ඒවා ටික දවසකින් ඒ තත්ත්වය ම`ග හැරී යනවා.

පෙති බොන්න පටන් ගත්තාම ඒවා ලකුණු කරන්න. එතකොට අමතක නොකර පෙති නියම විදියට ගන්න පහසු වේවී.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාගේ අනාගත ගැන සිතන්න. දරුවා මෙම යකඩ පෙති නියමිත පරිදි ලබාගන්නවාදැයි සොයා බලන්න. මේ පිළිබ`දව වැඩිපුර උපදෙස්  ඕන නම්, එසේත් නැත්නම් මේ පෙතිවලට යම් ආසාත්මික (Allergy) තත්ත්වයක් ඇත්නම්, ඒ බව ළ`ගම ඉන්න

නැත්නම්..

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් හා නව යොවුන් සෞඛ්‍ය අංශය අමතන්න.

දුරකථන : 011-2692746

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here