පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් CIDය පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරයි…

0
11


ඊයේ (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය ඇමති ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. මිට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා උක්ත කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here