පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමේ පරාජිත දේශපාලන බලවේගවල උත්සාහය තවමත් ක්‍රියාත්මක බව කාදිනල් හිමියන් කියයි

0
6


කතෝලික රඳගුරු මණ්ඩලය තුළ බෙදීමක් ඇති කර පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නයෙන් පැන යාමට පසුගිය රජය මෙහෙය වූ පුද්ගලයින් ළාමක උත්සාහයක නිරත වූ බව අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා. 

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර හයක් ගත වීම වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම උදෙසා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් අගරඳගුරු හිමියන් මේ බව කියා සිටියා.

Neth Sound · CADINAL 01

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වයන් ගත් උත්සාහය අදටත් ක්‍රියාත්මක කරවන පරාජිත දේශපාලන බලවේගවලට යට වූ ඇතැම් පිරිස් සිටින බවද කාදිනල් හිමියන් එහිදී කියා සිටියා. 

Neth Sound · CADINAL 02

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

Neth Sound · OMALPE HIMI 01

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කිරීම සඳහා දිවයිනේ සියලුම කිතුනු දේවස්ථානවලදී දේව මෙහෙයන් පැවැත් වූ අතර පෙරවරු 08.45 සිට විනාඩි දෙකක නිහඬතාවක් පැවැත් වුණා. 

ඊට සමගාමීව සියලුම කිතුනු දේවස්ථානවල ඝන්ඨාර නාද කිරීම ද සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.   
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here