පාස්කු ප්‍රහාරයට අවුරුදු 6 පිරෙන අප්‍රේල් 21ට කලින් සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න CIDයේ ලොකු ට්‍රයි එකක්!  I Sri Lanka Latest News

0
9


පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

දෙයියන්දර ප්‍රදේශයේ මේ වනවිට පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. 

බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න” යැයි පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here