කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් (18) සහ (20) දිනයන්හි පැවැත්වෙන බැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබදී තිබෙනවා.
ඒ අනුව බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරන ලෙස එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන ස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වදිදුරටත් උපදෙස් ලබා දුන්නා.
මේ සඳහා පොලිස් නිලධාරින් , විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරින් රාජකාරි යෙදවීමට කටයුතු කරනු ලබනවා.
Saru FM Media