පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා දීමේ වැඩසටහනට අදාළ ගැටලු විසඳීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක්

0
11


පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනට අදාළ ගැටලු විසඳීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. 

ඒ අනුව හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් ද මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
 

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 ක්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here