පාසල් සිසුන්ගේ ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්යයි

0
2

කුඩා ළදරුවන්ට හා පාසල් දරුවන්ට පානීය ජලය රැගෙන යාමට යොදා ගන්නා ප්ලාස්ටික් ජල බෝතල්වල ශ්‍රී ලංකා ප්‍රමිති ලකුණ අනිවාර්ය කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවේ මෙම නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවය.

ඒ අනුව මෙරටට ආනයනය කර වෙළඳපොළට බෙදාහරින ජල බෝතල් ශ්‍රී ලංකා ප්‍රමිති 1616ට හා ශ්‍රී ලංකා ප්‍රමිති 1306ට අනුකූල විය යුතුයි.

ඒ සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇය සඳහන් කළාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here