මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන්වලට දරුවන් හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර ඔහුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.
Saru FM Media