ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කර ඇති සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය හෙට (30දා) පෙ. ව. 08.30 ට මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරේ.
දින 04 ක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන තරගය සහිත සමාප්ත උත්සවය ඉරිදා (02) ප. ව. 04.45 ට පැවැත්වේ.
ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව මෙවර තරගාවලියට එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 1400 දෙනෙකි. ඒ මෙරට පාසල් 70 ක් නියෝජනය කරමිනි.
මෙවර බාලක තරගාවලිය “ප්‍රමුඛ පෙළ” සහ “දෙවන පෙළ” ලෙස කාණ්ඩ 02 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර බාලිකා තරගාවලිය ද “ප්‍රමුඛ පෙළ” සහ “දෙවන පෙළ” ලෙස කාණ්ඩ 02 ක් යටතේ පැවැත් වීමට පියවර ගෙන තිබේ.
ප්‍රමුඛ පෙළ තරගාවලිය තුළ ප්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් “කුසලාන” ශූරතාව සහ අනු ශූරතාව, “පළඟ” ශූරතාව සහ අනු ශූරතාව, “බඳුණ” ශූරතාව සහ අනු ශූරතාව, “පළිහ” ශූරතාව සහ අනු ශූරතාව ප්‍රදානය කෙරේ.
මෙම තරගාවලිය ආශ්‍රිතව සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18 න් පහළ යොවුන් පුහුණු සංචිතය සඳහා තෝරා ගැනීමට ද පියවර ගෙන තිබේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
Saru FM Media







