වත්මන් ශ්‍රී ලාංකික අධ්‍යාපනය ක්‍රමය මුහුණ දෙන්නා වූ එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ අධ්‍යාපන ක්‍රමය මගින් බිහිවන පුද්ගලයන්ට රැකියා අවස්ථා නොලැබීමයි. එනම් උගතුන්ට රැකියා වියුක්තිය නමින් හැඳින්වෙන මෙම ගැටලුව බොහෝ දෙනෙකු සිතන ආකාරයක හුදු අධ්‍යාපන ගැටලුවක් පමණක් නොවේ. ඒ සඳහා අධ්‍යාපන හා ආර්ථික සබඳතාව ගැඹුරින් විමසා බැලීම ඉතා වැදගත්ය. එහිදී උගතුන්ගේ රැකියා වියුක්තිය හැරෙන්නට ලංකාවේ අධ්‍යාපනය තවත් ගැටලු රැසකට මුහුණ පා තිබේ. එනම් ලංකාවේ පාසල් පද්ධතිය දියුණු හා නොදියුණු ආදී වශයෙන් කොටස් දෙකකි. මෙම කාරණාවන් සමාජ පන්ති භේදයන්ටද තුඩු දේ. මේ බරපතළ කළමනාකරණ ගැටළුවකි. අධ්‍යාපනය තුළ ඇති ගුණාත්මක සංවර්ධනය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට පාසල අසමත් වී ඇත. පාසල් යා යුතු වයසේ ඇතැම් ළමුන් පාසල් තුළින් ගිලිහී යෑමේ තත්ත්වයක් දක්නට ලැබේ. එමෙන්ම ගුරු හිඟය සහ ඇතැම් විෂයන් සඳහා ගුරුවරුන් සුදුසුකම් සපුරා නොමැතිවීම තවත් එක් ප්‍රධාන ගැටළුවකි. එමෙන්ම ඇතැම් විදුහල්පතිවරුන් කළමනාකරණ පුහුණුව නොලත් පිරිසකි.
ඇතැම් පාසල් තුළ ජලය විදුලිය හා වැසිකිළි වැනි මූලික පහසුකම් නොමැති බවට චෝදනා නැගෙත්. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය මගින් ළමයින් කඩපාඩම් කිරීමට යොමුවී ඇති අතර නවීන ආකල්පයන්ගෙන් යුක්ත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයන් නොමැති වීමද ගැටලුවකි. එහෙයින් ළමුන් නිර්මාණාත්මක චින්තනය ක්‍රමයන්ගෙන් ඈත් වී ඇත. මෙවන් හේතුන් මත ශිෂ්‍යයාගේ ඉදිරි සාධනය හේතුවෙන් අධ්‍යාපන කළමනාකරණ නායකත්වය ගැන විශේෂ උනන්දුවක් ඇති වී තිබේ. මෙම තත්ත්ව ඇති කිරීම සඳහා අධ්‍යාපන අවශ්‍යතාවය සඳහා කැපවුණු ගුරු පරපුරක් හා නායකයන් අවශ්‍ය බවද සනාථ වී ඇත. පාසලක් නිවැරැදිව ඵලදායීව පවත්වාගෙන යෑම සඳහා නායකත්වය කළමනාකරණය සමාන වීම වැදගත්ය. නූතන අභියෝග ජයගැනීම සඳහා කළමනාකරණ අරමුණු සාධනය හා නායකයන්ගේ කැපවීම හා දැක්ම අවශ්‍ය බව පෙන්වා දී තිබේ. එහිදී කිනම් න්‍යායකට කටයුතු කළද පාසල් ශිෂ්‍ය සාධනයට අවධානය යොමු කිරීමට අමතක නොකළ යුතුය. ඒ අනුව පාසලක් තුළ කළමනාකාරීත්වයේ සහ නායකත්වය පහත සඳහන් කාර්ය සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ.
මේ අනුව ඉලක්ක සැකසීම, අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණ සැලසුම් කිරීම, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම මෙම කාර්යභාරයන් වේ. මෙම කාර්යභාරයන් මෙන්ම පාසල් කාලය තුළදී පහත සඳහන් පුහුණුව කර ගැනීමෙන් ශිෂ්‍යයාගේ අනාගත අඩිතාලම වැටෙනු ඇත. එහිදී සන්නිවේදන නිපුණතා පෞරුෂත්ව වර්ධන නිපුණතා වැඩ ලෝකයට සූදානම් වීමේ නිපුණතා ආගම හා ආචාර ධර්මයන්ට අදාළ නිපුණතා ක්‍රීඩාව හා විවේකය ප්‍රයෝජනයට ගැනීමේ නිපුණතාව යාවත්කාලීන කිරීම අවධානය, අවබෝධය වැනි කරුණු ඇතුළත්ව මේ හරහා පාසල තුළින් ශිෂ්‍යයාට ශිෂ්‍ය සාධනය වන්නේය. ඒ සමගම අධ්‍යාපන ප්‍රතිඵලයට අනුකූලව පාසලෙහි අධ්‍යාපන ප්‍රතිලාභ අපේක්ෂා සපුරා යන පරිදි පාසල පිහිටි ප්‍රදේශය සමාජ සංස්කෘතික ආර්ථික වශයෙන් ඵලදායී වෙනසක් ඇති කිරීමට සමත් අයුරින් පාසල සංවර්ධනය කළ යුතුය.
ප්‍රජාවගේ අවශ්‍යතාවලට වඩාත් සංවේදී වූ පාසලක් දැනුම පදනම සහ වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ක්‍රියාකාරී මණ්ඩලයක්, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන්, කාර්යබද්ධ පර්යේෂණ ඇතුළු නවෝත්පාදක වැඩසටහන්, පාසල සිසුන්ගේ අධ්‍යාපන ගැටලු හඳුනාගෙන වැඩ ලොවට උචිත අධ්‍යාපන වෘත්තීය මාර්ග උපදේශන ලබාදීමේ වැඩපිළිවෙලක්, ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සංවර්ධන කමිටුව, පාසල් කළමනාකරණ කමිටුව, එහිදී පාසල් සංවර්ධන කමිටුව මගින් පාසල් සැලසුම්කරණය, පාසල් පාදක ගුරු සංවර්ධනය, පාසලේ ප්‍රාග්ධනය වත්කම් කළමනාකරණය හා නඩත්තුව, ප්‍රජා සම්බන්ධීකරණය ආදී කාර්යභාරයන් සිදු කෙරේ. පාසල් කළමනාකරණ කමිටුව හරහා එනම් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති, පාසල් සංවර්ධන සමිති, භාණ්ඩාගාරික, පාසල් සංවර්ධන සමිති ගුරු සාමාජිකයන්ගෙන් සමන්විතය. මෙම කළමනාකරණ කමිටුව හරහා පාසල් සංවර්ධන කමිටු යෝජනා ඉටුකරයි. ලංකාව වැනි රටක පාසල් පාදක කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ ගැටලු පවතී. නිලධාරීන්ගේ නායකත්වය ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් මූල්‍ය හා භෞතික සම්පත් නොමැතිකම, අංශ අතර සබඳතාව හීනවීම ආකල්ප සංවර්ධන නොවූ ගුරුවරු හා නිලධාරීන් සිටීම, විදුහල්පතිවරුන්ට අධික කාර්ය සංඛ්‍යාවක් කිරීමට සිදුවීම හේතුවෙන් මෙම ක්‍රියාවලියෙහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ ගැටලු ඇති වේ.
ලොව පුරා විවිධ රටවල් මෙම කළමනාකරණ හා නායකත්ව න්‍යාය හා පරිචය පිළිබඳව අවධානයට ලක්කරයි. ශ්‍රී ලංකාව රටක අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම ක්‍රමය විධිමත් අයුරින් උපයෝගී කර ගැනීමට අවශ්‍යතාව අවධාරණය කෙරේ. එසේම අධ්‍යාපනය මෙම කාර්යභාරය සඳහා අධ්‍යාපන ක්‍රමය, විෂය මාලාව, විභාග ක්‍රම ඉගෙනුම, ඉගැන්වීම් ක්‍රමවේද වෙනුවෙන් සදාචාර ගුණයෙන් පෝෂිත නිර්මාණශීලී ජනතාවක් බිහිකිරීම අරමුණු වීම කාලීන අවශ්‍යතාවකි.
දිල්කි දසනායක
Saru FM Media